අගලවත්තේ දී කපා කොටා දෙදෙනෙක් ඝාතනය කරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගලවත්ත කිරිවානකුටිය පලෙයිකාට්ටුව කොටසේ නිවසක් තුළ කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූවන්ගේ නම් හා වයස් සීමාවන් මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කීය.