අකුරණ කාණුවක ඡන්ද කාඩ්පත් 14 ක්


(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අකුරණ කසාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ කාණුවක තිබී ඡන්ද කාඩ්පත් 14 ක් හමු වී තිබේ.

මාර්ගයේ ගමන් කළ ප්‍රදේශවාසියෙකු දැක එම ඡන්ද කාඩ්පත් ලබා ගෙන පොලීසියට දැනුම් දෙනු ලැබ තිබේ.

ඒ අනුව පොලිස්  ජංගම සේවයේ යෙදී සිටි  උප පොලිස් පරීක්ෂක සමරකෝන් මහතා ඇතුළු නිළධාරින් එම ස්ථානයට ගොස් ඡන්ද කාඩ්පත් සිය භාරයට ගෙන පොලීසිය වෙත භාර දෙනු ලැබ තිබේ.
 
මෙම ඡන්ද කාඩ් සම්බන්ධයෙන්  අලවතුගොඩ පොලීසිය මගින්  මහනුවර තේරීම්භාර නිළධාරිවරයාට  සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත  දන්වනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන්  පොලිස් පරීක්ෂණ මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්ද  මේ වන විට  සිදු වෙමින් පවතී.
 
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ  උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාරද සැරයන් 13652 බන්දුල යන නිළධාරින්  ඇතුළු නිළධාරින් මේ සම්බන්ධයෙන් වැඩි  දුර පරීක්ෂණ පවත්වති.