750000 සංචාරකයාට රතු පලස


හත්ලක්ෂ පනස්දාහස් වැනි සංචාරකයා අද සවස කටුනායකින් ශ්‍රී ලංකාවට පා තැබිය. පලස්තීන ජාතික මොහොමඞ් අයේෂ් එල්බුර්ඞීන් ඔහුගේ බිරිය මූනා අල්තාර් සමග පැමිණි බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරක අධ්‍යක්ෂ ඇලෙක්ස් ගුණසේකර මහතා කියයි. ඔවුනට තරු පහේ හෝටලයක දින තුනක් ගත කිරීමටද වැදගත් තැන් බැලීමටද නොමිලයේ පහසුකම් සැලසේ. වසරකදී වැඩිම සංචාරකයන් පිරිසක් වාර්තා වූයේ මේ වසරේදීය.