200ක් රට යවන්න කෝටි දෙකහමාරක් අරන්
එතෙර රැකියා දෙන බව කියමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙක හමාරක් වංචා කළැයි කියන සුරූපී කතක හා ඇගේ සැමියා කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි හා විශේෂ මෙහෙයුම් එකකය විසින් අග්ගොන වල්පොළදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මේ දෙන්නා තරුණ තරුණියන් 200 දෙනකුගෙන් පමණ මුදල් වංචා කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.

