නිරිත දිග මෝසම් තත්ත්වය ශ්‍රී ලංකාව හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි  ඇතිවිය හැකියි.

ශ්‍රි ලංකාවේ සහ ඒ අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව  තවදුරටත් පවතී.