'ජාතික ආරක්ෂාවට අලුත් නීති ගෙනඒම ගැන ගෝඨාභය විරුද්ධ ඇයි'


(නිමල කොඩිතුවක්කු)

ත‍්‍රස්තවාදය වළක්වා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට  ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වීම ගැන ඔහු රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කිරිබත්ගොඩදී අද (23) පැවැසීය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කයිවාරු ගහන රාජපක්ෂවරු රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවාට විරුද්ධ වීම ගැන තමන් කණගාටු වන බවත්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කිරිබත්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව නීති පැනවීමට දෙමළ සහ මුස්ලිම් පක්ෂ විරුද්ධ නොවෙද්දී පොහොට්ටුව පමණක්  විරුද්ධ වීම ගැටලු සහගත බවත් අග‍්‍රාමාත්‍යවරවයා සඳහන් කළේය.

රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කළ හැක්කේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති බවට පත්කර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්ෂාව බාර දීමෙන් පමෙණක් යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.