‘‘මානව හිමිකම් සංවිධානවල නිරුවත දැන් පේනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මිය ගිය බව කියන දැරියගේ මරණය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් කාන්තා සංවිධානවල මානව හිමිකම් සංවිධානවල හෙලුව නිරුවත සහ පක්ෂපාතී බව ඉතා පැහැදිලිව පෙන්නුම් කරන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

වෙනත් සිද්දීන් සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන සමගි ජනබලවේගය මේ දැරියගේ මරණය සම්බන්ධයෙන් පතෝල න්‍යායක් අනුගමනය කරමින් සිටින බවත් මුසම්මිල් මහතා සඳහන් කලේය.

එම දැරියට සාධාරණය ඉෂ්ඨ වනතෙක් තම පක්ෂය විමසිල්ලෙන් බලා සිටින බවත් පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.