(අංජුල මහික වීරරත්න)
ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.
ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ Tik Tok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී Tik Tok නියෝජිතයෝ පෙන්වා දුන්හ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගීතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී Ferdous Al Mottakin, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධ්‍යාපනය ඩිජිටල්කරණයට ’’ටික් ටොක්’’ සහය