2014 වසරේ අරාබි වසන්තය ලෙස මැදපෙරදිග සිදුවූ දැවැන්ත දේශපාලන නැගිටීමේ පෙරමුණ ගත් රට ලෙස ටියුනීසියාව සැලකෙන අතර, ඒ නැගිටීම ඉතා වේගයෙන් කලාපය පුරාම පැතිර ගියේය. ටියුනීසියාව විනාශ කළ ජනාධිපති බෙන් අලී පාලනය වසර විසිතුනක ඒකාධිපති පාලනයකින් පසු ටියුනීසියා ජනතාව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිය ප්‍රථම නිදහස් මැතිවරණයට මුහුණ දුන්නේය. එම මැතිවරණයෙන් අන්තර්වාර නායක මොන්සෙෆ් මර්සොවුකි පරදවමින් වයස්ගත, අත්දැකීම් ඇති නායකයෙකු වන කයීස් සයීඞ් ටියුනීසියා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ එරට ජනතාවට තවත් නැවුම් බලාපොරොත්තු ලබා දෙමිනි. අද දියත වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.
ටියුනීසියා ජනරජය අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි රටකි. එහි මායිම් බටහිරින් ඇල්ජීරියාවද, ගිනිකොන දෙසින් ලිබියාවද වේ. උතුරින් සහ නැගෙනහිරින් මධ්‍යධරණි මුහුදට සීමා වේ. වර්ග ප්‍රමාණය වර්ග. කිලෝ මීටර. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම වන තුනීෂියා යන්න එහි අගනුවර වන ටියුනිස්වලින් පැවසේ. ඇට්ලස් කඳු මායිම අතර පිහිටි කුඩාම රාජ්‍යයද වන ටියුනීසියාවේ උතුරු කොටස සහරා කාන්තාරය සහ ඉතිරිය සරුසාර වෙරළ තීරයකින් යුක්තය.
05 වන ශතවර්ෂයේ චැන්ඩල්ස්, 06 වන ශත වර්ෂයේ බයිසන් ටයිසන් හා 08 වන ශත වර්ෂයේ අරාබින් විසින් මෙය අත්පත් කර ගත්හ. 1956 නිදහසින් පසු ටියුනීසියානු රාජධානිය ලෙස නම් කර ඇත. එය 1957 ජුලි 25 න් පසු හබීබ් බෝගයිබා එහි පළමු ජනාධිපති විය. මෙම රටේ අපනයනය මූලික වේ. එහි නම හැරුණු කොට දේශපාලන ඒකාධිපතිත්වයක් වසර කිහිපයක් මුළුල්ලේ පැවතිණි. මෙරට කිට්ටු සබඳතා පවතින්නේ යුරෝපියානු සංගමය හා අරාබි ලෝකයේ සංගමය සමගයි. එහි සාමාජිකත්වය දරන්නේ අරාබි සංගමය හා අප්‍රිකානු සංගමයයි.
එවැනි පසුබිමක් තුළ පිහිටි ටියුනීසියාව තුළ ඇති වූ අරාබි වසන්ත රැල්ලෙන් පසුව පැවති මෙම මැතිවරණයේ ප්‍රථම වටයෙන් සියයට 39 ක ප්‍රතිශතයක් සහිතව කයීස් සයීඞ් එසේබි ජයගත්තේ අන්තර්වාර නායක මොන්සෙෆ් මර්සොවුකිට අභියෝගයක් ලෙසිනි. 88 වැනි වියෙහි පසුවන එසෙබි ධනයෙන් ආඪ්‍ය අයෙකු ලෙස සැලකෙන අතර, වඩාත් අත්දැකීම් බහුල දේශපාලනඥයෙකු ලෙසද සැලකෙයි.
මෙවර ජනාධිපතිවරණයේදී නවකයන් දෙදෙනෙකු ඉදිරියෙන් සිටි අතර, ටියුනීසියාව යළි ප්‍රජාතන්ත්‍රවාදය වෙත පියවර එසවීමක් ලෙස නිදහස් මැතිවරණයකින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ටියුනීසියානු ජනාධිපතිවරණයෙන් කයිස් සයීඞ් ඉදිරියෙන්ම සිටියේය. ප්‍රතිවාදියා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු වූ අතර ඔහු සමග තියුණු සටනකින් අනතුරුව කයිස් සයීඞ් ජයග්‍රහණය තහවුරු කරගත්තේය.
කෙසේ වෙතත් ටියුනීසියාවේ වත්මන් අගමැතිවරයා මෙන්ම, ජනාධිපතිවරයාද මෙවර මැතිවරණයේදී ප්‍රතික්ෂේප වී ඇති අතර, පණ අදින ආර්ථිකයත්, විරැකියාව රජවීමත්, පොදු සේවා ඉතා පහළ මට්ටමක ක්‍රියාත්මක වීමත් ඊට හේතුවයි. කයිස් සයීඞ් සියයට 76.9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පෙරමුණේ පසුවෙයි.
කයිස් සයීඞ් නීති ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙක් වෙයි. එරට ජනාධිපති ධුරයට පත් වීමට ප්‍රථම හෙතෙම ටියුනිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක්ද, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහලේකම්වරයා ලෙසත්, අරාබි ලීගය සහ මානව හිමිකම් සඳහා වන අරාබි ආයතනයේද සේවය කළ විද්වතෙකු විය.
පළමු වටයට ජනාධිපතිවරණ අපේක්ෂකයන් 26 දෙනෙක් ඉදිරිපත් වූ අතර ඉන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් කයීස් සයීඞ් ලබා ගන්නා ලදී. ටියුනීසියා ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුර අපේක්ෂක කයිස් සයීඞ් පෙරමුණ ගැනීමත් සමඟ හිමිකර ගත් එම ජයග්‍රහණය සැමරීමට ටියුනීසියා වැසියන් ටියුනීස් අගනුවර වීථිවලට අවතීර්ණවීමට අමතක නොකළේය. වයස්ගත නායකයෙකු වුවද එරට තරුණ හදවත් ආමන්ත්‍රණයට ඔහු සමතෙකු වූයේ ටියුනීසියාවේ වර්තමාන ගැටලු බොහොමයක් ඇති වූයේ බොහෝ ව්‍යවස්ථාමය නීතිවලට ගරු නොකිරීම නිසා බව ඒත්තු ගැන්වීම නිසාවෙනි. ඒ වගේම ඔහු සදාචාරාත්මක හෝ මූල්‍යමය වේවා දූෂණයට එරෙහිව සටන් කිරීමේ සැලැස්මක් සිය ඡන්දදායකයින්ට ඉදිරිපත් කළේය. ඒවාට ජනතා ප්‍රසාදය හිමිවූයේය.
ජනාධිපතිවරණයට ප්‍රථමයෙන් ඔහු පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දෙමින් ප්‍රකාශ කර සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවය. එසේම සමලිංගිකත්වය පිළිබඳව ධනාත්මක ලෙසින්ද බැලූ අයෙකු වූයේය. සයීඞ් සැම විටම තමා ජනතාවාදී මිනිසෙකු යැයි සඳහන් කළේය.
තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි