මීට මාස කිහිපයක සිට ඉතාලි දේශපාලනයේ පැවැති අස්ථාවර භාවය අවසන් කරමින් පසුගියදා ඉතාලියේ නව ආණ්ඩුවක් පිහිටුවීමට සමත් විය. මේ හවුල්කාර ආණ්ඩුවේ නව අගමැතිවරයා වූයේ ජුසෙප්පේ කොන්තේය. දූෂණ වංචා පිරි ඉතාලි දේශපාලනයේ වත්මන් හසුරුවන්නා වූ ඔහු පෙරළියකට සැරසෙයි.
ඉතාලියේ කොටසක් යුරෝපා මහාද්වීපයේ ද, කොටසක් දකුණු දිග යුරෝපයේ ඉතාලියානු අර්ධද්වීපයේ ද, මධ්‍යධරණී මුහුදේ ‘සිසිලිය‘ සහ ‘සාඩීනියාව‘ යන විශාලතම දූපත් දෙකෙහිද ව්‍යාප්ත මේ රාජධානිය මිලියන 60.2 ක ජනතාවකට වාසභූමියද වේ. ඉතාලියේ අගනුවර වන රෝමය, ශතවර්ෂ ගණනාවක් තිස්සේ රෝම අධිරාජ්‍යයේ අගනගරය වශයෙන්, බටහිර සභ්‍යත්වයේ දේශපාලන මධ්‍යස්ථානය විය. එහි ඇදවැටීමෙන් පසු අනේකවිධ විදේශීය ආක්‍රමණිකයන්, යුරෝපීය චින්තනය හැඩගස්වන, පසුකාලීන ක්‍රියාවලියෙහි දී පරිපූර්ණ බවට ඔප්පුවන, අතිශයින් ඵලදායී බුද්ධිමය ව්‍යාපාරයක් වූ යුරෝපීය කලාශිල්ප පුනරුදය ඇරඹෙන ජන්ම භූමිය බවට සියවස් ගණනාවකට පසුව ඉතාලිය පත්වෙයි.
යුරෝපීය සහ ගෝලීය හමුදාමය, සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉතාලිය ඉටුකරයි. මෙරටෙහි යුරෝපීය දේශපාලනමය සමාජමය හා ආර්ථිකමය බලපෑම් හේතු කොටගෙන ඉතාලිය එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව, හැරුණු කොට කලාපයෙහි මහබලවතෙක් බවට පත්ව සිටී. හමුදාමය හා ආර්ථික බලය පිළිබඳව කරන ලද අධ්‍යයනයකට අනුව ඉතාලිය එකොළොස් වැනි ලෝක ව්‍යාප්ත ජාතික බලවතා බවට වාර්තා කර තිබේ. ඉතාලි නව අගමැතිවරයා වන ජුසෙප්පේ කොන්තේ සිය තනතුරේ දිවුරුම් දීමෙන් පසුව කළ කතාවේදී ඉතාලියට නව රැඩිකල් වෙනස්කම් වහාම කළ යුතු බව ප්‍රකාශ කර තිබේ.
යුරෝපා සංගමයෙන් ඉතාලිය වෙන්විය යුතු බව අදහස් කරන ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ ප්‍රමුඛ නව සභාග ආණ්ඩුව පසුගියදා යුරෝපා සංගමයේ නෙටෝ සාමාජිකයින්ගේ රුසියානු ආර්ථික සම්බාධකවලට එකඟ නොමැති බවත් රුසියාව සමග වඩා යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඉතාලි නව ආණ්ඩුව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශකර තිබේ.
වෘත්තීයෙන් නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ කොන්තේ ඉතාලි අගමැති පුටුවට මුල් වරට තේරී පත් වූයේ 2018 වසරේ ජුනි 1 වැනිදාය. අත්දැකීම් නොමැති මේ අගමැතිවරයාගේ පවුල් පසුබිම පැමිණෙන්නේ එරට මධ්‍යම පාන්තික රජයේ සේවයේ නියුතු පවුලකිනි. විවිධ අසීරුතා මැද අධ්‍යාපන කටයුතු කළ හෙතෙම අවසානයේ ඇමෙරිකාවේ නීති විද්‍යාලයකින් නීති අධ්‍යාපනය සම්පූර්ණ කර ගත්තේය.
පසුකාලීනව විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ කොන්තේ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ද, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේද කටයුතු කරනු ලැබුවේය. 2013 වසරේදී එරට පරිපාලන නීතිය පිළිබඳ කාර්යාංශයේද, ඉතාලියේ ජෝන් කැබොට් විශ්වවිද්‍යාල පරිපාලන මණ්ඩලයේද හෙතෙම කටයුතු කරමින් සිටියදී 2018 වසරේ පෙබරවාරියේදී කිසිදු අත්දැකීමක් නොමැති දේශපාලනයට පිවිසියේය. එම වසරේ ජුනි වන විට ඔහු එරට අගමැති ධුරයට මුල්වරට තේරී පත් වූයේය.
පසුගිය කාලයේම පැවැති ඉතාලි ආණ්ඩු බලවත් ආර්ථික අර්බුදයන්ට මුහුණදෙමින් තිබුණි. විශේෂයෙන් පසුගිය මාර්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එරට ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබිණි. ඉන්පසුව නව සභාග ආණ්ඩුවක් ලෙස එරට ජනප්‍රිය පක්ෂය හා තරු පහේ ව්‍යාපාරය (ෆයිව් ස්ටාර් මූව්මන්ට්) එක්ව නව සභාග ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළහ.
ඉතාලියේ නව රජය දිවුරුම් දීම ඉකුත් 05 වැනිදා සිදුවිය. දෙවැනි වරට එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ජුසෙප්පේ කොන්තේ ගේ අමාත්‍ය මණ්ඩලයට ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාගේ අනුමැතිය හිමිවූයේය. නව කැබිනට් මණ්ඩලය වඩා යහපත් ඉතාලියක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇතැයි නව අග්‍රමාත්‍ය ජුසෙප්පේ කොන්තේ ප්‍රකාශ කර තිබේ.
තරු පහේ ව්‍යාපාරය යනු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කරමින් පිහිටුවා ගන්නා ලද ජනකාන්තවාදී දේශපාලන පක්ෂයක් විණි. එහි නිර්මාතෘ වූයේ හිටපු විකට නළුවකු සහ විචාරකයකු වූ බෙප්පෙ ග්රිලල්ලෝ යි. මෙම සංවිධානය රටේ ආර්ථික අර්බුදය සහ සංක්‍රමණික ගැටලුව ආදී ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන බව පවසමින් බිහිවූවකි. මේ අතර ලීගය කලක් තිස්සේ ඉතාලියේ ක්‍රියාත්මක වූ නව ෆැසිස්ට්වාදී පක්ෂයක් ලෙසද සැලකේ. 2018 මහ මැතිවරණයට මෙම ලීගය තරග කළේ සිල්වියෝ බර්ලුස්කෝනිගේ ෆුවර්සා ඉතාලියා පක්ෂය සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් සමගය. අන් සියලු පක්ෂ ප්‍රතික්ෂේප කළ තරු පහේ ව්‍යාපාරය තනිව තරග කළ අතර එවකට බලයේ සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද කුඩා පක්ෂ කිහිපයක සහය ලැබුවේය.
කෙසේ නමුත් මුල පටන්ම මෙම පක්ෂ දෙක අතර ගැටුම් ඇතිවුණි. එමෙන්ම ලීගයේ නායක සැල්විනි සිය සංක්‍රමණික ප්‍රතිපත්තිය ආදිය හේතුවෙන් වඩා ජනප්‍රිය විය. සිය ජනප්‍රියත්වය වර්ධනය වීමත් සමග තමන්ට මැතිවරණයකින් ජයගත හැකි වේයැ යි සැල්විනි අධි තක්සේරුවකින් බලාපොරොත්තු වූයේය. ඔහු රජයෙන් ඉවත්වීමට කටයුතු කළේ හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බව කියා සිටිමිනි. මේ අවස්ථාවේ ජුසෙප්පේ කොන්තේ, සැල්විනිව දැඩි ලෙස විවේචනය කරමින් ඔහු අවස්ථාවාදියකු බවත්, ඔහුගේ ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නයක් බවට පෙරළා ගත් බවත් සඳහන් කළේය. මේ අවස්ථාවේදී කිසිදු අයකුට නව රජයක් පිහිටුවිය නොහැකි වුවහොත් මහ මැතිවරණයක් පැවැත්විය යුතු විය. මෙම නව සභාගය පිහිටුවීම සඳහා සාකච්ඡා පැවති අවස්ථාවේ ද මෙම දෙපාර්ශ්වයේ වෙනස්කම් ප්‍රසිද්ධ විය. තරු පහේ ව්‍යාපාරය දිගටම කියා සිටියේ කොන්තේ අගමැති ලෙස රැඳී සිටිය යුතු බවයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එයට එකවර එකඟ වූයේ නැත. ඊළඟ දිනයේදී තරු පහේ ව්‍යාපාරය සඳහන් කළේ සාකච්ඡා අසාර්ථක වූ බවයි. නමුත් පැය කිහිපයක් තුළ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යළි සාකච්ඡා සඳහා පැමිණියේ අගමැති ධුරය කොන්තේ වෙතම තබා ගැනීමට එකඟ වූයේය. ඉතාලි ජනාධිපති සර්ජො මතරෙල්ලා ඉදිරියේ එරට නව රජයේ කැබිනට් මණ්ඩලය පසුගියදා දිවුරුම් දුන්නේය. යුරෝපා සංගමය සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගනිමින් ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉදිරියට යාම ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙකක් එක්ව පිහිටුවනු ලැබූ කොන්තෙ ගේ ඉතාලි නව සභාග ආණ්ඩුවේ අපේක්ෂාවයි.
තිළිණි සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි