වැඩි උගත් කමක් නැති මැදි වයසේ පසු වූ ඔහු, ඉඩම් හිමි වැවිලිකරුවෙකි. වගා කර තිබුනේ පොල් පමණය. කුඹුරු ඉඩම් හිමිකමක් ඔහුට නොවීය.
කොරෝනාරෝගය ගැන දැඩි අවධානයකින් කටයුතු කළ මොහු,සෞඛ්‍ය නීති හා උපදෙස් ගැන ඉතාමත්ම සැළකිල්ලක් දැක්වීය. දිනපතාම ප්‍රවෘත්ති අසා කොරෝනා වසංගත තත්වය ගැන මෙන්ම පනවන සෞඛ්‍ය කොන්දේසි තදින්ම පිළිපැදීම මොහුගේ සිරිත විය.මුදල් නෝට්ටු මගින් වයිරසය පැතිරෙන බවට වූ වෛද්‍ය මතය ඇදහූ ඔහු මුදල් භාවිතය සම්පුර්ණෙයන්ම අත්හැරියේය.
දිනක්,නිවසෙහි ආහාර පිළියෙල කිරීමට සහල් නොමැති බව බිරිඳ කීවාය. වෙනදා මෙන් ගමේ කඩෙන් මුදල් දී සහල් ගෙන ඒම ගැටලුවක් විය. ඒ මුදල් අතපත ගෑමට තිබූ බිය නිසාය.
සහල් රැගෙන ඒමට ක්‍රමයක් සිතූ හෙතෙම ,ගමේ කඬේට ගියේය.
මුදලාලිගෙන් සහල් කිලෝ දහයක බෑගයක් ගත් ඔහු , ආපසු ඒමට සූදානම් වී කඩෙන් එළියට බැස්සේය. ඒ සමගම, “‘හාල්වල සල්ලි දුන්නෙ නෑ නේද ?,, කඬේ මුදලාලි ඔහුගෙන් විමසීය.
“ නෑ ....මුදලාලි ,මේ දවස් වල සල්ලි අතපත ගෑම සුදුසු නෑ. මම පොල් ගෙඩි දහයක් අරගෙන ආවා.ඒ ටික ඔන්න සිල්ලර බක්කිය යට.ගෝලයට මම කිව්ව. හාල්වලට පොල් හිලව් කර ගන්න. හාල් මිලයි , පොල් මිලයි සමානයි නේ.මුදලාලිට සල්ලි මොකෝ.?.. පොල් මොකෝ?...,,කියමින් ඔහු කඩෙන් බැහැරව නිවස වෙත යාමට පියවර මැන්නාය.
මුදලාලි හෙමින් මුමුනමින්“ ඇත්ත තමයි දෙවගෙම එකවගේ ,,යයි කීය.
මාවරල පී.එස්.මද්දුමගේ