හම්බන්තොට හෙදි විදුහලේ පුහුණුවන හෙදියන්ගේ යට ඇඳුම් සොරකම් කිරීමට ගිය පුද්ගලයකු හෙදි විදුහලේ මුරකරුවන්ට හසුවී ගුටි පුජාවක් ද දි හම්බන්තොට පොලීසියට බාරදී තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.
පොලීසියට සැකකරු බාරදෙන විට කොට කලිසමක් ඇඳ සිටි අතර එයට යටින් කාන්තා යට සායක් කකුලක පටලවාගෙන තිබේ. එය ගලවා දීමේදී කාන්තාවන් පරිහරණය කරන නිල්පාට කාන්තා යට ඇඳුමක් සැකකරු ඇඳගෙන සිටිය බව පොලීසිය පවසයි.
සැකකරු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර හම්බන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

