එම කාන්තාව එක්තරා පිළිගත් වෙළෙඳ ආයතනයකට ආවේ තමන්ට සහල් කිලෝ 15ක් මිලදී ගැනිමටය. එහෙත් එක් අයකුට සහල් කිලෝ 05 බැගින් නිකුත් කිරීමට කළමනාකාරිත්වය වෙළෙඳ සේවක තරුණයාට උපදෙස් දී තිබිණි.
මේ බව නොදත් කාන්තාව ‘මට හාල් කිලෝ පහළොවක් දෙන්නැයි’ කීවාය. ‘එක්කෙනාට පහයි දෙන්නේ’ තරුණයා කීය.
‘ආ ඒකත් එහෙමද? යැයි කී කාන්තාව වෙළෙද සලෙන් එළියට විත් ඒ අසල සිටි වෙනත් තරුණයන් දෙදෙනකුට කතා කොට තමන්ට සහල් කිලෝ පහ බැගින් මිලදීගැනීමට ඉදිරිපත් වන ලෙස කීවාය.
ඒ අනුව තරුණයන් දෙදෙනාද සමග යළිත් වෙළෙද සැලට ගිය කාන්තාව
‘මට පහයි! මෙයාට පහයි! මෙයාට පහයි!’ කියා මුදල් ගෙවීමට සූදානම් වුවත් වෙළෙඳ සේවකයා ඊට හරස්විය.
‘එහෙම බෑ ඇන්ටි මේ ඔක්කොම හාල් ඔයාටමනේ බෑ....බෑ...මට ඉහළින් උපදෙස් දීලා තියෙන්නේ එක්කෙනාට පහ බැගින් දෙන්න කියලා’යැයි කීවේය. ඇය තරුණයාට දෝෂාරෝපණය කොට නික්ම ගියාය.

