නිවෙසක දුම්ගැසූ රබර් ෂීට් සොරකමකට පැමිණි සොරුන් සොරකම වැරදී ගෙහිමියාට සල්ලි දී පැනයාමේ අපූරු සිද්ධියක් කිරිඇල්ලෙන් වාර්තා වෙයි.
එය සිදුව ඇත්තේ මෙසේය. පරණ පොලිස් ස්ථානයට ආසන්නයේ ඇති නිවෙසක විකිධෑමට සූදානම්කර තිබුණ දුම්ගැසූ රබර් ෂීට් කිලෝ 20ක් පමණ තිබී ඇත. ගෙහිමියා නිදන්නේ ඊට යාබද කාමරයේය. අලූයම 3.00ට පමණ ඇසුන ශබ්දයක් නිසා ගෙහිමියා අවදිවී විදුලි පන්දම දල්වා බලන විට රබර් ෂීට් තිබුණ කාමරයට ඇතුළුවිය හැකි ආවරණයක් නැති කුඩා කවුළුව අසල සිට පුද්ගලයෝ දෙදෙනෙක් අඩ අඳුරේම පැන ගියහ. රබර් ෂීට් සොරාගැනීමට ඔවුනට හැකිවී නැත.
සොරු පැනගිය දිසාව සෝදිසි කිරීමේදී සොරකම සඳහා පැමිණ රැුඳී සිටි ස්ථානය දැකගත හැකිවිය. බුලත් විට හා එහිවූ කඩදාසි කැබලි ඊට සාධක විය. ගෙහිමියා තවත් සෝදිසි කරන විට රුපියල් දෙදහසේ නෝට්ටුවක් ද එහි තිබී හමුවිය. සොරකමේ පැමිණි සොරුන්, සොරකම වැරදී අතේ තිබුණ මුදලූත් අහිමිකරගෙන පැනගොස් තිබිණි.

