පාසල් මිතුරන් දෙදෙනාගේ හරක් සෙල්ලමෙන් එක් අයෙකු රෝහලටත් අනෙකා පොලිසියටත් ගිය අපූරු කතාවක් බද්දේගමෙන් වාර්තා වේ.
පාසල් මිතුරෝ දෙදෙනෙක් හරක් සෙල්ලම් කළහ. ඒ වයස අවුරුදු 15 හා වයස අවුරුදු 17 පාසල් වියේ පසුවන මිතුරන් දෙදෙනෙකි. 17 සිසුවා 15 සිසුවාගේ ගෙලට ලණුවක් දමා හරකකු ආකාරයෙන් දක්කමින් ක‍්‍රීඩා කළේය. හදිසියේම ලණුව 15 සිසුවාගේ ගෙල හිරවී තුවාල වූවද දෙදෙනා ක‍්‍රීඩාව දිගටම කරගෙන ගියේය. පසුව අධික ලෙස 15 සිසුවාගේ ගෙලෙන් රුධිරය වැගිරෙන්නට විය.
15 සිසුවා ගාල්ල උඩුගම රෝහලට ඇතුළත් කෙරිණි. දින තුනක් ප‍්‍රතිකාර ලැබීය. මේ සම්බන්ධයෙන් 15 සිසුවාගේ මව්පියන් බද්දේගම පොලිසියට කළ පැමිණිල්ලක් මත 17 සිසුවා බද්දේගම පොලිසිය අත්අඩංගුවට ගෙන ගාල්ල බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

