සූදු කෙළියේ නිරත වූ සිවු දෙනෙකු බඩුත් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන කූඩුවට දැමීය.
මධ්‍යම රාත‍්‍රියේ මුරට සිටි පොලිස් භටයාට ඇසුණේ සිර මැදිරිය තුළ කිසියම් ක‍්‍රියාවලියක් සිදුවන බවයි. සිර මැදිරිය අසලට ගොස් වඩාත් පරීක්ෂාකාරී වනවිට ඔහුට තරු පෙනුණේ මේ සිවුදෙනා සිර මැදිරිය තුළත් බූරුවා ගසන බව පෙනී ගිය හෙයිනි.
ඔවුන් බැලීමට පොලිසියට ආ ඥාති හිතවතුන්ගෙන් කාඞ් කුට්ටමක් සහ මුදල් ලබාගෙන ඇති බව මෙහිදී අනාවරණය වීම නිසා මේ පිළිබඳව ස්ථානාධිපතිවරයාට කීවිට මොවුන්ට විරුද්ධව මුදලට සූදු ක‍්‍රීඩාවේ නිරත වූ බවට චෝදනා දෙකක් ඉදිරිපත්කොට නඩු දෙකක්ම දැමීමට කීවාලූ.

