සිංදුවට හිත ගිහින් රාජකාරියත් අමතකවෙලා


බාලිකා ව්දුහලක බාලිකාවෝ තම පාසලට මුදල් ලබා ගැනීමේ අරමුණෙන් වාහන සේදීමේ කටයුතුවල යෙදුණහ. පසුබිමින් ඇසෙන සංගීතය මැද්දේ ඔවූන් තම කාර්යය ඉටුකළේ සංගීතය අනුව ඉඟ-සුඟ නළවමිනි. ඒ අසළම මගීන් මාරුවන කහඉරයි. එහි සේවයට යොදවා සිටියේ තරුණ පොලිස් භටයෙකි. පදිකයින්ට කහ ඉරෙන් මාරුවීම සඳහා වාහන නවත්වමින් ඔහු තම රාජකාරියේ නිරත විය.

මේ අතර පදිකයෝ පිරිසක් පාර මාරුවීමට කහඉර අසලට පැමිණියහ. පොලිස් නිලධාරියා පාර මැද සිට හස්ත සංඥාවෙන් වාහන නවත්වා පදිකයින්ට පාර මාරු වීමට ඉඩ සලසාදුන් අතර එම අවස්ථාවේදී කන්කළු බටහිර ගීතයක් පසුබිමින් ඇසිණි. එම ගීතය රස විඳිමින් පොලිස් භටයාද පාර මැද සිට වාහන සෝදන හැටි බලා සිටින්නට විය. පාර අයිනේ සිටි අනෙකුත් බාලිකාවෝද ගීතයට අනුව පැද්දෙන්නට වූහ. පදිකයින් කහඉර පැන අවසාන වුවත් පොලිස් භටයාගේ වාහන නැවැත්වීමට එසවූ අත පහළට වැටුණේ නැත. නවතා තිබූ වාහනවල පෝලිම බලා සිටියදී දික්විය. එක් රියදුරෙක් තමා අසල සිටි බාලිකාවකට එම පොලිස් භටයා පෙන්වීය. වාහන පෝලිම දෙසට අත දිගු කළ බාලිකාව ”අයියේ x අයියේ” යැයි ඇමතූ විට පොලිස් භටයා පියවි ලෝකයට පිවිස අත පහත දැම්මේය. (ක‍්‍රිස්ටෝපර් සීපියන් x අනුරාධපුරය*