(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිය සැමියාගේ බේබදුකම නතර කරන්නට යෙදූ උපක්‍රමයෙන් භාර්යාවට ඇදගෙන නාන්නට සිදුවූ පුවතක් අපේ ගම් පළාතෙන් අසන්නට ලැබුණි.
සිය සැමියා බේබදුකමෙන් මුදාගැනීමට ඇය නොකළ දෙයක් නොමැත. ඒ සඳහා ගුරුකම් කළ වාරද අනන්තය. යන්ත්‍ර මන්ත්‍රද කළ වාර ගණනද ඊට නොදෙවැනිය.
යෙහෙළියකගෙන් මේ සඳහා ඇයට උපදෙසක් ලැබුණේ මේ අතරවාරයේදීය. ඒ අනුව ඇය සිය සැමියාට හොරෙන් මේ උපදෙස ක්‍රියාත්මක කළාය. තමා කළ ඒ වැඩේ සාර්ථක බව ඇයට වැටහුණේ සිය සැමියා වැසිකිළියට කිහිපවරක්ම දිවයනු දුටුවිටය. ඇයගේ සතුට ඉහවහා ගියේය. ඒ ටික වේලාවකටය. අන්තිමේදී ඔහුට වැසිකිළියට යාමටවත් ශක්තියක් නොවූ තැන ඇඳේම මළ පහ විය. ඒවා අස්කරන්නට සිදුවූයේ ඇයටය. ඇය එය කළේ වෙන කළ හැකි දෙයක් නොවූ තැනය.
විජලනයට පත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔහු රෝහල් ගත කිරීමට සිදුවූයේ ද ඇයටමය.
රෝහල් ගත කළ ඔහුගේ රෝග නිධානය පිළිබඳව වෛද්‍යවරු සෙවූහ. ඒ පිළිබඳව ඔහුගේ භාර්යාවගෙන් වෛද්‍යවරු විමසූහ. මේ පිළිබඳව කාටවත්ම පවසන්න එපා යයි කියමින් තමා සිය සැමියාගේ බේබදුකම නැති කරන්න ඔහුට හොරෙන් මත් පැන් බෝතලයට බඩ විරේක දමා ඇති බව ඇය වෛද්‍යවරුන්ට කීවේ වටපිට බලමින්ය.