සිංහල අවුරුදු සමයේ විධායක ශ්‍රේණියේ රැුකියාවක් කරන තරුණයන් කිහිප දෙනෙකුගේ මත්පැන් සාදයකදී එක් තරුණයෙක් හපමින් සිටි බුලත් විටක් තවත් තරුණයකුට කටගැස්ම කියා දුන් පුවතක් අලව්ව ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම තරුණයක් පිරිසේ එක් තරුණයකුගේ නිවසේ ගරාජයේ මත්පැන් සාදයකි. කටගැස්ම සඳහා මුලින්ම කොත්තු රොටී සහ චිකන් ඩෙවල් ආවේය. තමුන් මෙම පිරිසේ බොහෝදෙනා මත්පැන්වලට වඩා කටගැස්මට ලොල් වූවෝය. අවසානයේදී මත්පැන් ඉතිරිවී ඇති අතර කටගැස්ම නොමැති විය. ඉන්පසු මෙම පිරිස අසල පිහිටි කඩයකින් උම්බලකඩ සම්බෝල පැකට් කිහිපයක් ගෙන ආහ. ඒවාද වහා අවසන් විය. මේ අතර එක් තරුණයකු මත්පැන් බීම අවසන් කර තිබුණේ ඔහු පදමට ගසා තුබූ නිසාය.
නමුත් නිවෙසට යන විට තමා ළඟින් මත්පැන් ගඳ ඒවියැයි සිතා ඔහු බුලත් විටක් හපන්නට විය. සෙස්සෝ දිගටම බෝතල හිස් කරන්නට වූහ.
මේ අතර එක් තරුණයකු මත්පැන් බීම අවසන් කළ තරුණයාගෙන් ‘‘බයිට් නැද්ද මචං’’ කියා ඇසීය මත්පැන් බීම අවසන් කළ ‘‘ආ තියෙනවා මචං ෆිට් එකනේ අතටම දෙන්නම් කො’’ කියා අනෙක් තරුණයාට නොපෙනෙන ලෙස හපමින් සිටි බුලත් හපය ගෙන ඔහුගේ අතේ තැබීය. ඔහුද එය සැණින් කටට ඔබාගෙන ඇත්තේ ඔහුගේ පදම ද ඉක්මවා ගොස් තිබූ නිසාය. පසුදා සන්ධ්‍යාවේ වෙරි මතටවත් වමනේ නොගිය තරුණයාට වමනේ යන්නට විය. වෛද්‍යවරයකුගේ ප‍්‍රතිකාර ද ගත්තේය. ඔහුට පටබැඳී ඇත්තේ වඳවී යන මාළුවකුගේ නමක්ය.

