සිය සැමියා වෙනත් කාමරයක නිදාසිටි අවස්ථාවක නිදන කාමරයේ හුදෙකලාව නිදාසිටි කාන්තාවක් අසලට අඩ නිරුවතින් ආ පුද්ගලයකුට නිවසේ සිටි සැමියා ඇතුළු පිරිසක් පහරදීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු කළ පාපෝච්චාරණය නිසා ඔවුන් අන්දමන්දවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි. කමිසය ඉරීගොස් කලිසමේ බොත්තම් ද ගලවා ගෙන සිටි නිසා මේ තැනැත්තා කාන්තාවට අතවර කිරීමට පැමිණියකු ලෙස සැක කළත් ඒ නිවෙසට පහළින් වූ ආපනශාලාවක රාත‍්‍රී සාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවක දී හොඳටම ගුටිකා හෙම්බත්ව සිටි ඔහු ඒ වනවිටත් මෙහි විවෘතව තිබූ දොරෙන් ගෙට ඇතුළු වූයේ හොඳ කමිසයක් ඉල්ලා ගැනීමට බව පසුව පවසා තිබේ.
මේ පැමිණිල්ල විභාග කිරීමට ආ පොලිස් නිලධාරීන්ට මේ ප‍්‍රකාශය සත්‍ය බව පෙනී ගියත් ඒ වනවිටත් දැඩි බීමතින් පසුවූ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව එම පළාතේ පොලිසිය කියයි.

