අගෝස්තු පාසල් නිවාඩුව සරුංගල්වාරයයි. වෙල් එළිය කොළ පාටට දිලෙන්නේ රෙද්දක් එලූවාක් මෙනි.
අපි පොඩි කාලේ කොයිතරම් ෂෝක් ද මේ කාලේ අපි වෙලේමයි.
පියා කී දෙයින් පුංචි පුතුගේ සිත උද්දාමයෙන් පිරිණි.
තාත්තේ අපිත් සරුංගලයක් හදමු.
සිය අතීත මතකය නැවතත් සිහියට ගනිමින් ඔහු පුතුද සමග සරුංගලයක් සැකසුවේය.
හැඩකොට සවිකඩදාසි ඇලවූයේය. එය නාග සරුංගලයකි. මොහොතකින් දෙදෙනාම වෙල්යායේ කෙළවර දක්වා ගොස් සරුංගලය උඩ යැවීමට පටන් ගත්හ. නමුත් නිෂ්ඵලය.
ඉහළට යැවීම කිසිසේත් කළ නොහැකිය. මාමේ ඕකට දිග වලිගයක් දාන්න. ඒ නිසයි උඩ යන්නේ නැත්තේ අසල සරුංගල් අරිමින් සිටි දරුවකුගෙන් උපදෙස් ලැබිණි.
එය ඇසුණු පුතු වහා නිවෙසට ගිය ගියේය. අම්මේ පරණ සාරියක් දෙන්නකෝ අපේ සරුංගලයට වලිගයක් මදි.
පුතුගේ ඉල්ලීමට මවද තමාගේ පැරණි සාරියක් දුන්නාය.
සාරිය රැගෙන ඔහු වෙල් යායට දිව ආවේය.
ආ තාත්තේ මේක වලිගයට දාමු නිල් පැහැයට හැඩැති සාරියක් පුතු විසින් නාග සරුංගලයේ වලිගයට සවිකිරීමට ගෙනවිත් තිබිණි.
එය ඔහුගේ සිතට වද දෙන්නක් විය.
ඒ මන්ද තමා එය බිරිඳට මුලින්ම තෑගි කළ සාරියයි.
පුතේ මේක තියලා වෙන එකක් ගේන්න. සිය පියාගේ උපදේශයට පුතු නැවතත් නිවෙසට දිව ගියේය.
මවගෙන් වෙනත් සාරියක් ඉල්ලාගෙන ආවේය. ආ තාත්තේ මේක දාමු එවිට පුතු රත් පැහැයට හුරු සාරියක් රැගෙන විත් තිබිණි. එයද සිතට ව්‍යාකූලත්වයක් ඔහුට ගෙන දෙන්නකි.
ඒ මන්ද එය තමා බිරියගේ උපන්දිනයට තෑගි කළ සාරියකි.
පුතේ මේක අලූත්වැඩියි. වෙන එකක් ඉල්ලගෙන එන්න. පියාගේ ඉල්ලීමට පුතු නැවතත් ගෙදරට දිව ගියේය.
ඔහු තවත් සාරියක් රැගෙන ආපසු දිව ආවේය.
ආ මේක හොඳයි මේකනම් මට මතක නෑ. කොයි කාලේ ගත්ත එකක්ද කියලත් ඔහු සිතින් සිතමින් එය සරුංගලයට ගැට ගැසුවේය.
හොඳයි අපි දැන් උඩ යවමු මොහොතකින් සරුංගලය ඉහළ අහසේ පාවිණි.
ඒත් සමග ඈතින් හඬක් ඇසෙන්නට විය.
අනේ අනේ ඔය මොකද කරන්නේ මගේ අලූත්ම සාරිය. වාටියවත් මහල නෑ තවම. මදැයි තාත්තලා පුතාලා සරුංගල් ඇරියා. ඕක බිමට බාපු ගමන් ඔය නයාගේ වලිගය මම ගලව ගන්නවා.
තාත්තේ මම ගේන ගේන සාරිය අම්මට ඔයා අරන් දීපුවානේ ද ඒ හින්දනේ ඒවා එපා කිව්වේ. මම ඉතිං අම්මා ගිය සතියේ අලූතෙන් ගත්ත සාරියක් ගෙනාවා නයාගේ වලිගයට. බිරිඳගේ අලූත්ම සාරිය නිල් අහසේ දිලිසෙන අයුරු බලමින් සිනාසෙන අතරම නයාගේ වලිගය ඊළඟ සතියේ බිරියගේ ගතවටා එතී හැඩවෙන අයුරු සිහි කරන්නට විය.

