සභාපතිකමට බිරිය සුදුසුයි කී නිසා සැමියාට තරු පෙනිලා


බස්නාහිර පළාතේ කළුතර පැත්තේ ගමක උපන් ඔහු උපතින්ම ආඩම්බර කාරයෙකි. මැදිවියට ඒමත් සමග ගමේ ප‍්‍රධානියා ලෙස සිටීමට ආසා කළ ඔහු අත දිග හැර වියදම් කළේද විවිධ තනතුරු ලබා ගැනීමටය.

පසුගිය දා ප‍්‍රදේශයේ ස්වේච්ඡා ආයතනයක සභාපතිවූ ඔහු ඒ නිමිතිකොට සිය සගයන් ලවා පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කළේය. මේ සඳහා වූ සියලූ බරපැන දැරුවේ ඔහුය.

ඔහුගේ බිරිය මේ සියල්ල ප‍්‍රතික්ෂේප කළ ඉතා දැහැමි නිරහංකාර කාන්තාවක වූවාය. සභාපති හා බිරිය අතර වූ වෙනස අහස පොළොව මෙනි.

කෙසේ වෙතත් මේ පිළිගැනීමේ උත්සවයට ඔහුගේ ඉල්ලීම පරිදි බිරියද ආවාය. සභාපති තම අභිමානය විස්තර කරමින් උද්වේගකර කතාවක් කළ අතර ඊළඟට උත්සව සංවිධායක ද ඔහු ගැන කෙටියෙන් වර්ණනා කොට බිරිය ඉතා යහපත් තැනැත්තියක බව පවසමින් කීවේ මේ සභාපති කමට ඔහුට වඩා ඔහුගේ බිරිය සුදුසු බවකි.

ඒ සමගම මහා අත්පොලසන් නාදයක් ආවෙන් සභාපතිට තරු පෙනුණලූ.