වෙසක් සිරි නැරඹීම සඳහා මිතුරකුගෙන් ඉල්ලාගත් පාපැදිය රාත‍්‍රී තිබූ තැනින් සොරකම් කරගෙන ගොස් තිබූ නිසා බසයෙන් ආපසු යාමට සිදුවූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා විය.
ඔහු දුප්පත් තරුණයෙකි.
වෙසක් සිරි නැරඹීමේ ආසාවෙන් සිටි ඔහු මිතුරකුට ඒ බව කීමෙන් පසු අනුකම්පා කළ මිතුරා ගමන සඳහා තමන්ගේ පාපැදිය ලබා දී ඇත.
සිත්සේ වෙසක් සිරි නැරඹූ ඔහු වෙසක් කලාපයක් ආසන්නයේ තැනක පාපැදිය ගාල්කර වෙසක් නරඹා සුළු වෙලාවකින් පැමිණ බලද්දී පාපැදිය නැතිවී තිබෙණු දැක ළඟ සිටි පොලිස් නිලධාරියෙකුට ඒ බව කියා තිබේ.
ඔහුගේද සහයෙන් පාපැදිය සෙවූ නමුත් එය හමුවී නැත.
තවදුරටත් පාපැදිය සෙවීම නිශ්ඵල ක‍්‍රියාවක් බව දැනගත් ඔහු දැන් ඉතින් මිතුරාට මොනවද කියන්නේයැයි කල්පනා කරමින් බසයක නැග ආපසු ගමට පැමිණ ඇත. පසුව මිතුරා හමුවී සිදුවූ ඇබැද්දිය කී පසු ඔහුගේ අවංකභාවය ගැන දන්න මිතුරා දැන් ඉතින් මොනව කරන්නද, සිත කලබල කරන්න එපා.
හොරාට දඬුවම කරත්තේ රෝදය වගේ පස්සෙන් එනවා. ගැලවීමක් නෑ. කියා නිහඬවී ඇත.

