විහාරාධිපතිගේ කනෙන් රිංගන්න හැදු හොරාට අපූරු පාඩමක්


විහාරාධිපති හිමියන් රාත‍්‍රී නින්දට ගිය පසු වටිනා බඩුමුට්ටු සොරකම් කිරීමේ අරමුණින් රෑ බෝ වන තෙක් දහවල් පන්සලේ කාමරයක වහලයේ සැඟව සිටි හොරා දුටු විහාරාධිපති හිමියෝ නොදැක්කා සේ ඉඳ අසල්වාසීන් ගෙන්වා හොරා අල්ලා දුන් සිද්ධියක් කොළඹට ආසන්න විහාරස්ථානයකින් වාර්තා විය.

හොරා ගමේම එකෙකි. දහවල් කාලයේ  විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බව අන් අයට අඟවා එහි විහාරාධිපති හිමියන්ට හොරෙන් පන්සල ඇතුළට ගොස් කාමරයකට රිංගා ගෙන ඇත. විහාරාධිපති හිමියන් පමණක් එදින පන්සලේ වැඩ සිටින බව දැන ගත් හොරා වටිනා බඩු මුට්ටු සොරකම් කිරීමට සිතාගෙන රාත‍්‍රිය එළඹෙන තෙක් එහි වහලයකට නැග නොපෙනෙන සේ ඉඳ ඇත.

විහාරාධිපති හිිමියන් කළුවර වීමට කලින් දෙරගුළු වසා ගබඩා කාමරයක දොර වැසීමට යද්දී කිසිවකු වහලයෙ බාල්ලකයක සිිටිනු දැක ඇත.
පන්සලට හොරෙක් ඇතුල් වී සිටින බව වටහා ගත් උන්වහන්සේ, කලබලනොවී හොරා ගැන අවධානයක් නොකර පන්සලේ පිටත සිටි කෙනෙක් මාර්ගයෙන් තරුණ පිරිසක් ගෙන්වා හොරා ඉන්නා තැන පවසා ඇත.

වහා ක‍්‍රියාත්මක වූ තරුණයින් හොරා බිමට බස්සවා අමතක නොවන ගුටි සංග‍්‍රහයක් දී අදට සමාව දෙනවා, මීටපස්සේ අහුවුණොත් දෙන දඬුවම මීට වඩා වෙනස් යැයි කියමින් මුදාහැර ඇත.