විවාහයට පසුදාම වින්නඹු සේවිකාවක් නිවෙසට ඇවිත්


තරුණයකු විවාහවී මධුසමය ගතකර සිය බිරිය සමඟ තම නිවසට පැමිණි දිනට පසුදා උදයේම වින්නඹු සේවිකාවක් ගෙදරට ආවාය.

පුවත්පතක තිබූ දැන්වීමක් අනුව විවාහ වූ තරුණයා මධුසමය ගතකර දින දෙකකින් නිවසට පැමිණ විවාහයේ ප‍්‍රීතිය නිමිත්තෙන් පස්වරුවේදී සාදයක් පැවැත්වීය. එය අවසන් වනවිට මධ්‍යම රාත‍්‍රිය ද පසුවී තිබිණි. ඒ නිසාම නව යුවළ නින්දට ගියේ අලූයම දෙකට පමණය.

උදෑසන නවයට පමණ නිවසේ සීනුව නාද වූයෙන් තරුණයා නිවසේ දොර විවෘත කළේය.

වින්නඹු මාතාව දොරකඩය. ”ගුඞ් මෝර්නින් මහත්මයා” ඊයේ උත්සවයක් තිබිලා වෙන්නැති අවදිවෙන්න පරක්කු වුණේ යැයි ඇය පවසත්ම අපි ඊයේ බැන්දේ අපිට තවම බබාලා නැහැයි තරුණයා පැවසීය. මද සිනාවක් පෑ පවුල් සෞඛ්‍ය සේවිකාව නෑ නෑ අපි අද ආවේ ඩෙංගු මදුරු උවදුර මඩින්න නිවස හා ගෙවතු පරීක්‍ෂාවටයි. එයට අවසරදැයි ඇය ඇසුවාය. එය ඇසූ තරුණයා ලජ්ජා වට පත්ව ”සොරි සොරි” මම දැනගෙන හිටියෙ නැහැ ප‍්‍රශ්නයක් නැහැ පරීක්‍ෂා කරන්න. යැයි තරුණයා පැවසීය.