වැසිකිළියේ හංගා තිබූ අබලන් රේඩියෝවට කැමරාවකැයි බයවෙලා


වියළි කලාපයට අයත් ග‍්‍රාමීය නගරයක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකි. එහි සේවිකාවක් උදෑසනම වැසිකිළියටගොස් වහාම ආපසු ආවේ එහි කැමරාවක් වැනි යමක් සවිකොට ඇති බව පවසමිනි.

මේ කතාව ඇසූ සේවක සේවිකාවෝ මහත් කුතුහලයට පත්ව කළ කතාබහ ආයතනය භාර වෛද්‍ය නිලධාරියාගේ කනට ද ගියේය. ඔහුට තරු පෙනුණේ මෙවන් සිදුවීමක් නිසා වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් වූ බව මෙනෙහිවීම නිසාය.

කීප දෙනෙකු සමඟ කඩිනමින් එම ස්ථානයට ගිය වෛද්‍ය නිලධාරියාට මෙහි කිසියම් සත්‍යතාවක් පෙනුණි. වැසිකිළියේ කවුළුවක වූ මේ ”කැමරාවට” කොහු මිටකින් තට්ටු කළ සේවකයකු එය පසෙකට දැමූ පසු අවබෝධ වූයේ පෙරදින කාර්යාලයේ සිදුකළ ඩෙංගු මර්දන ශ‍්‍රමදානයේදී කසළ ගොඩක තිබූ අබලන් ”පෑන් විදුලි පන්දමක්” සහ පොකට් රේඩියෝවක කොටස් කිහිපයක් සේවකයකු මේ වැසිකිළි කවුළුවේ තබා ඇති බවක්ලූ.