ලොක්කාගෙන් ආරක්ෂක නිලධාරියාට අපූරු පාඩමක්


එදින ආයතනයේ සේවය කරනා ආරක්‍ෂක නිලධාරියකු අඩු වූයෙන් වෙනත් ආරක්‍ෂක නිලධාරියකු යෙදවුනි. ඔහුගේ රාජකාරිය වූයේ ආයතනයේ කාර්ය මණඩලයේ වාහන සඳහා ගේට්ටුව විවර කිරීමය. ඔහු රාජකාරියේ යෙදී සිටියදී ආයතනයේ නිලධාරිනියක් රියදුරු සමග වාහනයෙන් පැමිණ කාර්යාලය තුළට පිවිසියාය. ආරක්‍ෂක නිලධාරියා ඇමැතූ රියැදුරු ”මල්ලී මේ බෑග් එකයි කෑම එකයි මැඩම්ගේ කාමරයෙන් තියන්නැ”යි පැවැසීය.


ආරක්‍ෂක නිලධාරියා එයට මැලිකමක් දැක්වූ විට රියදුරා ”මෙතන ඉන්න එස් ඕත් එහෙම කරනව” යනුවෙන් පැවැසීය.


ගේට්ටුව විවර කළ ආරක්‍ෂක නිලධාරියා දිවා ආහාරය සහ බෑගය රැුගෙන යනු ආයතනයේ ආරක්‍ෂක කටයුතු භාර අධ්‍යක්‍ෂවරයා බලාගෙනය. ආපසු පැමිණෙන ආරක්‍ෂක නිලධාරියා දුටුවේ ගේට්ටුව අසල සිටින ආරක්‍ෂක අධ්‍යක්‍ෂවරයාය. ”එස් ඕ ගේට්ටුව ඇරලා කොහෙද ගියේ” ඔහු විමසීය. ”සර් මම අර මැඩම්ගේ බෑග් එක අරන් ගියා.” ආරක්‍ෂක නිලධාරියා පැවැසීය.


”ඔයා ඔයාගේ රාජකරිය පැහැර හැරලයි තියෙන්නේ නිලධාරීන්ගේ බෑග් ගෙනියන්න ඔයාලට අයිතියක් නැහැනේ” අධ්‍යක්‍ෂවරයා කීය.


”දැන් බලන්න ඒ ඔෆිසර්ට වඩා ඉහළ නිලයක් මම දැරුවත් කිසිම දවසක මගේ කෑම එකවත් බෑග් එකවත් ගෙනියන්න කියලා මම කිසිම කෙනකුට කියලා නැහැ. ඔයාලගේ රාජකාරිය ආයතනය ආරක්‍ෂා කිරීමයි. අනුන්ගේ බෑග් අරන් යන එක නෙමෙයි”. ආරක්‍ෂක අධ්‍යක්‍ෂවරයා පැහැදිලි කළේය.


දැන් පෙර කී නිලධාරිනිය තම බෑගය සහ දිවා ආහාරය තමාම රැුගෙන යන බව මරදාන පැත්තෙන් වාර්තා වේ.
කි‍්‍රස්ටෝපර් සීපියන්, අනුරාධපුරය.