ලෙඩා පැත්තක ඉද්දී වෙන ලෙඩකුගෙන් ලේ අරන්


රෝහලට ඇතුළත් කර සිටි රෝගියකු වැඩිදුර පරික්‍ෂා කිරීම සඳහා රුධිර සාම්පලයක් ලබා ගන්නැයි කී විට එම රෝගියා සිටියදී සේවකයකු වැරදීමකින් අල්ලපු ඇඳේ සිටි රෝගියකුගේ රුධිර සාම්පල් ගෙන තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුනි.

සිද්ධිය සැකෙවින් මෙසේය..
රෝගියා පරික්‍ෂා කළ වෛද්‍යවරයා වැඩිදුර පරික්‍ෂණයන් සඳහා රුධර සාම්පලයන් ලබාගන්නැයි ඒ සම්බන්ධ පුහුණුව ලත් රෝහලේ සේවකයකුට පවසා ඇත. ඒ අනුව රුධිර සාම්පලයක් ලබාගෙන වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ රෝගියාගේ ඇඳ අසල සිටි පවුලේ අයකුට සැක සිතී, ඔයා වැරදි රෝගියෙකුගෙන් ලේ අරන් තිබෙන්නේ. මෙයාගෙන් තමයි ගන්න  ඕනෑ යනුවෙන් පැවසූ විට අනේ මටත් වැරදුණා. කමක් නෑ. එහෙනම් මෙයාගෙන් ගමු කියා නැවත ලේ ලබාගෙන සිදුවූ අත් වැරැද්දට කනගාටුව පළකර තිබේ.