බදාදා දිනයකි. අධ්‍යාපන කාර්යාලයේ ලිපිකාරිනියන්ට වැඩ අධික දිනයක් විය. රාජකාරි කටයුතු අතරේ එක් ලිපිකාරිනිියකගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකට පිළිතුරු දුන් ඇය දුරකථනය මේසය මත තබා වැඩ කටයුතුවල නිරතවූවාය.
පැය දෙකකට පමණ පසු දිවා ආහාර වේලාවේ දී දුරකථන ඇමතුමක් ගැනීමට ඇයට අවශ්‍ය විය. දුරකථනය සෙව්වත් හමු නොවීය. එය තම මේසය මත තබා වැඩ කළ බව ඇයට හොඳට මතකය. ඇය නැවතත් මේසයේ ලිපි ගොණු අතරත් ලාච්චුවෙන් ගමන් මල්ලේත් සොයා බැලූවත් දුරකථනය හමු නොවීය. ඇය මේ පිළිබඳව යාබද මේසයේ මිතුරියට ද දැන්වුවාය.
එදින ඇයගේ මේසය අසලට පැමිණියේ ගුරුවරියන් පිරිසක් පමණි. එම පිරිසේ එකිනෙකා පිළිබඳව දෙදෙනා සාකච්ඡුා කළා. එක් ගුරුවරියක් පිළිබඳව දෙදෙනාගේම සැකය මතුව තිබුණි. ඔවුන් නැතිවූ දුරකථනයේ අංකයට ඇමතුමක් ලබාගත් අතර පිළිතුරු දුන්නේ පිරිමියෙකි.
”මේ මගේ නැතිවුණු පෝන් එක. තියෙන්නේ කොහෙද?”
”මේක මගේ නෝනගේ පෝන් එක” යැයි පවසනවාත් සමගම දුරකථනය විසන්ධි විය. පුද්ගලයාගේ කථා විලාශය අනුව සැකයට භාජනය වූ ගුරුවරියගේ සැමියා බව ඔවුනට විශ්වාසය.
ඉන්පසු අවස්ථා කීපයකදීම එම දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තත් පිළිතුරක් නොවිය.
වැඩ නිමවීමෙන් පසු ලිපිකාරිනියන් දෙදෙනා කුලී ති‍්‍රරෝද රථයකින් සැකයට භාජනයවී ඇති ගුරුවරියගේ නිවසට ගියහ.
”බැරි වීමකින් නෝන මගේ පෝන් එක ගෙනැල්ල ඇති කරුණාකරල ඒක දෙන්නැ”යි ඉල්ලා සිටියහ. දුරකථනය ඔවුනට ලැබුණි. එය ගෙනගිය ගුරුවරිය ඔවුනට මුහුණ දීමට නොපැමිණියාය.

