ඇය අගනුවර විදේශ කටයුතු හා සම්බන්ධ ආයතනයක ලිපිකාරියකි. කාර්යාලයේ වූවන් අතර ඇය වඩාත් ප‍්‍රකටව සිටියේ නව මෝස්තරකාරියක හැටියටය. හැමදාමත් නව පන්නයේ මාල, වළලූ, කූරු, පබළු පැළඳ ගෙන එන ඇය කෙස් කළඹ ද විවිධාකාරයෙන් සැරසුවාය.
පසුගියදා ඇය නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී කාර්යාලයට එනු දුටු කාර්යාල කාර්ය සහායකට සිනා ගියේ ඇයට කිසියම් අත්වැරැද්දක් වී යැයි සිතාගෙනය.
”ඇයි සුමනසිරි හිනාවෙන්නේ?” ඇය ඇසුවේ මඳ කෝපයෙනි. ”නෑ මිසී අද කොණ්ඩා මෝස්තරේ අමුතුයි” ඔහු පැවැසීය. එදින අමුතු කොණ්ඩා මෝස්තරයක් නොකළ බව සිතූ ඇය හිස අත ගෑ විට අතට ආවේ කාබන් පෑනකි. ඇයට තරු පෙනිණ.
එදා බසයේ තදබදව එද්දී කිසිවකුගේ කමිස සාක්කුවේ වූ කාබන් පෑනක් හිසෙහි ඇමිණී ඇති බව තේරුම් ගත් ඇය ඒ බව සේවකයාට පවසමින් කොණ්ඩය යළි හදා ගත්තාලූ.

