බස්නාහිරයි. පුංචි ඉතාලිය යනුවෙන් තවත් නමක් ඇති පැත්තකි. මහා මන්දිර බොහෝය. ගෙයක් හැදීමට වැයවන මුදල් වැයකර ඉදිකළ ස්වංක‍්‍රීය ගේට්ටුවකි. දුර සංඥාවෙන් බොත්තමක් තදකිරීමෙන් ගේට්ටුව විවෘත වෙයි.
සොබාදහමේ නොයෙකුත් හේතුමත එදා විදුලිය විසන්ධි විය. ගෙහිමියා එදා උදේ රිමෝට් කන්ට්‍රෝලය අතට ගත්තේ පාසල් යෑමට සිටි දරුවන් කාරයට නැග සිටියදීය. එම උපකරණය කිහිපවරක්ම තද කළත් ගේට්ටුව ඇරුණේ නැත. විදුලිය විසන්ධි වී ඇති බව ඔහුට වැටහෙන විට ඉහින් කනින් දාඩිය දමා තිබිණි.
දරුවන්ගේ පාසල් ගමන නතරවිය. එළියට යෑම සඳහා ක‍්‍රමයක් සොයාගත යුතුමය. ඒ සඳහා ඉනිමං දෙකක් යොදා ගැනීමේ අදහස ගෙදර සේවකයකුගෙනි ආවේ. ගරාජය මුල්ලක තිබූ ඇලූමිනියම් ඉනිමං දෙක ගේට්ටුව දෙපැත්තේ තැබීමෙන් නිවාස අඩස්සියෙන් මිදීමට ඒ ගෙදර සවිබල ඇති අයට හැකිවිය.

