(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
තම මෝටර් රථයේ හප්පා පලාගිය වෑන් රථ රියදුරු එම වෑන් රියේ සිටි බව කියන පුද්ගලයකුගේ දෙඩවිල්ල නිසා අතේ මාට්ටු වීමේ සිදුවීමක් මාවතගමින් අසන්නට ලැබේ.
මාවතගම සිට කුරුණෑගල දක්වා යුවළක් ගමන් කරමින් සිටි තම මෝටර් රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් හප්පා අලාභ සිදුකරනු දුටුවේය.
වෑන්රථයෙන් පැමිණි රියදුරු ඇතුළු සියලු දෙනාම බීමතින් සිටින බව මෙම යුවළට දැකගන්නට ලැබිණි.
තම වාහනයට හානි සිදුකළ වෑන් රථයෙන් අලාභය ඉල්ලා සිටියේ කළ හැකි දෙයක් නැති තැනය. බීමතින් සිටි රියදුරු ඇතුළු පිරිස එය තරයේ ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ වෑන්රථය හරවාගෙන පලා ගියේ විදුලි වේගයෙනි.
පලාගිය වෑන් රථයේ සිටි එක් අයකු වෙරිමරගාතේ වමනය කිරීමට බැස සිටියදී වෑන්රථය පලායාම නිසා අතරමංව සිටිනු දකින්නට ලැබිණි.
යුවළ වෙරිමරගාතේ සිටි පුද්ගලයා තම වාහනයට නංවාගෙන කුරුණෑගල පොලිසිය වෙත ගෙනයනු ලැබිණි. බීමතින් රිය පදවා තම මෝටර් රථයේ හප්පා පලාගිය රියැදුරුගේ සියලු තතු වෙරිමතින් සිටි පුද්ගලයා විසින් වමාරනු ලැබිණි.
වහා ක්‍රියාත්මක වූ පොලිසිය වෑන්රථ රියැදුරුට විරුද්ධව බීමතින් රිය පැදවීමත් වෙනත් වාහනයක හප්පා හානි කිරීමත් පිළිබඳ කටයුතු කළේය.