(වියලූව වාර්තාකරු)
ආරක්ෂක අංශයේ රැුකියාවක් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට යාම සඳහා බාධාවක් වූ තම අතේ කොටා තිබූ පච්චයක් මකා ගන්නට ඒ මත රත්වූ විදුලි ස්ති‍්‍රක්කයක් තබා අත පුලූස්සා ගත් තරුණයකු පිළිබඳ පුවතක් වියලූවේ ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද තරුණයෙකි. සම වයසේ ඇතැම් තරුණයන් සේ ඔහුද එක් අතක උඩබාහුවේ පච්චයක් කොටා ගත්තේ එය අපූරු විලාසිතාවක් යැයි සිතමිනි.
පච්චය තරුණකමට කිසියම් ජීවයක් ගෙන දුන්නද එය ආරක්ෂක සේවයේ රැුකියාවට ඇතුළුවීමට බාධාවක් බව ඔහුට වැටහුණේ ඒ සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට ගිය අවස්ථාවේදීය.
ආරක්ෂක අංශයේ රැුකියාවක සම්මුඛ පරීක්ෂණය සඳහා දෙවතාවක්ම ඉදිරිපත්වුවද ඒ හැමවිටම පච්චය හරහට හිටියේය.
‘‘ඔය පච්චය තියෙද්දී මේ රැුකියාවට ගන්නේ නැහැ. ඔයා ඔය පච්චය මකාගෙන එන්න. එතකොට අපි රස්සාවට ගන්නම්.’’
සම්මුඛ පරීක්ෂණය සඳහා සිටි නිලධාරීන්ගෙන් ඔහුට ලැබුණේ එවැනි පිළිතුරකි.
තමා සැබෑවටම ආදරය කළ මේ රැුකියාවට යන්නට අතේ වූ පච්චය බාධාවක් වීම නිසාම මේ තරුණයා සිටියේ දැඩි කනස්සල්ලෙනි.
නිවෙසට පැමිණි ඔහු පච්චය මකන්නට මගක් සිතුවේය. ඔහුගේ සිතට ආවේ අපූරු සිතුවිල්ලකි. සිතුවිල්ල කි‍්‍රයාවට නැංවිණි. හොඳින් රත්කළ විදුලි ස්ත‍්‍රික්කය ඔහු පච්චය මතින් තැබුවේ එහි සලකුණු සියල්ල මැකී යන පරිද්දෙනි.
දැන් අතේ පච්චය වෙනුවට ඇත්තේ රත් පැහැයෙන් බබලන ලොකු තුවාලයකි. දැන් දිනක් හැර දිනක් ඔහු ගමේ රෝහලට යන්නේ පච්චය මත ඇති තුවාලයට බේත් දමන්නලූ. ‘‘තුවාලය සනීපවුණු ගමන් මම ආයෙත් ඉල්ලූම්පත‍්‍රයක් දානවා.’’ ඔහුගෙන් සිය මිතුරන්ට ලැබුණේ අපූරු උත්තරයකි.

