ආයතනයක පසුගියදා කළමනාකරණය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි. එහි නිලධාරියෙක් ආරක්ෂක අංශය අමතා ‘‘හවස ලෙක්චර කනෙක් එනවා.
එයාගෙ නම ප‍්‍රදීප් එයාට කාර් පාර්ක් එකේ ඉඩ තියන්න” යැයි පැවසීය. ආයතනයේ රථගාල කුඩා එකක් වූ අතර එහි නිලධාරින්ගේ වාහන ගාල්කර තිබූ නිසා ඉඩ තිබුණේ එක් වාහනයකට පමණි. එය ප‍්‍රදීප් මහතා සඳහා වෙන් කෙරිණි. සම්මන්ත‍්‍රණයට පැමිණි වාහන මාර්ගය දෙපස නවත්වන ලදහ. ස්ථානභාර නිලධාරියා ගේට්ටුවේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියාට මෙසේ කීය.
”ප‍්‍රදීප් කියලා මහත්තයෙක් එයි. එයාගේ වාහනේ නොම්මරේ දීලා නැහැ. නම අහල එයාගේ වාහනේ ඇතුළට ගන්න” ආරක්ෂක නිලධාරියා ප‍්‍රදීප් මහතාව දැක තිබුණේ නැත. හෙතෙම ගේට්ටුව අසල රැඳී සිටින විට නවීන පන්නයේ මෝටර් රථයක් ගේට්ටුව අසල ඉද්ද ගැසුවාක් මෙන් නතර විය. ආරක්ෂක නිලධාරියා ”සර් ප‍්‍රදීප් මහත්තයා දැයි” රථයේ පැමිණි අයගෙන් විමසීය. රථය තුළ සිටි අය ”ඔව්” යනුවෙන් හැෙඟන පරිද්දෙන් හිස නැමීය. වහාම රථය ආරාධිතයා වෙනුවෙන් වෙන්කර තිබූ ස්ථානයේ ගාල් කෙරිණි. ගතවූයේ මොහොතකි. තවත් වාහනයක් වේගයෙන් පැමිණ ගේට්ටුව අසල නැවැත්වීය. ”කාර් පාක් එකේ ඉඩ නැහැ සර්” ආරක්ෂක නිලධාරියා පැවසීය. ‘‘මම ප‍්‍රදීප් මම තමයි ලෙක්චර් එක කරන්නේ” ඒ මහතා සුහදව පිළිතුරුදුනි. ආරක්ෂක නිලධාරියාට දෙලෝ රත්විය. සිදුවීම දුටු ආයතනයේ නිලධාරියෙක් තම වාහනය ඉවත් කර එතැන අදාළ වාහනයට ඉඩ සැලසීය.
මුලින් වාහනයේ පැමිණි මහතා තම වාහනය ගාල් කිරීමට අවට ඉඩක් නොතිබූ බව දැක ආරක්ෂක නිලධාරියාට මුසාවක් පවසා රථය ගාල්කර ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

