අධික ලෙස බීමත් වූ පුද්ගලයකුට පැමිණි යතුරුපැදිය අකුරැස්ස අවන්හලේ නැවතූ තැන අමතක වීමෙන් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාදුන් පුවතක් කඹුරුපිටිය පොලිසියෙන් අසන්නට ලැබිණි.
ගොවි මහතකු වු හෙතෙම කලකට පසු අකුරැුස්ස නගරයේ අවන්හලකට යතුරුපැදිය හැරවූයේ හොඳින් මධුවිතින් සප්පායම් වීමටය.
මැදියම් රැය වෙද්දී අවන්හල වසා දැමීමට සූදානම් වූ සේවකයන්ට මැදිවියේ පුද්ගලයකු නැතිවූ යමක් සොයන බවක් වැටහුනද ඔවුහු එය ගැන තැකීමක් නොකළහ.
ඒ වනවිට අධික මත් ගතිය අඩුවී ගොස් තිබූ නිසා සියල්ලම මතකයට පැමිණ තිබුණේ පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරු පැදිය පෙන්වීමෙන් පසුවයි.

