මහනුවර දෙයියන්නේවෙල බෝධියංගන මාවතේ පදිංචි තරුණියක සමඟ ‘‘ෆේස්බුක්’’ වෙබ් අඩවියෙන් හඳුනාගත් තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඔහුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පූජා කැර ඇතැයි මහනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
තරුණිය ‘‘ෆේස් බුක්’’ වෙබ් අඩවියේ සාමාජිකාවකි. ඒ හරහා ඇය සමඟ සම්බන්ධවීමට පැමිණියේ මලයාසියාවේ සේවය කරන බව කියන කඩවසම් තරුණයෙකි.
ෆේස් බුක් ඔස්සේ දහවල් හා රාත‍්‍රි පැවැත් වූ කතාබහ ආදර අන්දරයක් බවට පත්වීමට එතරම් කාලයක් ගත නොවීය.
ඒ අතරතුර එක්වරම තරුණියට දුරකතන ඇමතුමක් ලැබුණේ තමන් ලංකාවට පැමිණ සිටින බවත් මලයාසියාවෙන් රැගෙන ආ බඩු රේගුවෙන් පිටතට ගැනීම සඳහා අවශ්‍ය ශ්‍රී ලංකාවේ මුදල් තමන් සතුව නොමැති බැවින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල් අවශ්‍ය බවත් ය.
ඒ අනුව තරුණිය ඔහුට මුල්ගම්පොල ප‍්‍රදේශයේ් බැංකුවකට එන ලෙස පවසා රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක මුදල ලබා දී තිබේ.
ඉන් අනතුරුව ඔහු කොළඹ යන බව පවසා ගියත් කිසිදු තොරතුරක් නොවූ බැවින් ඔහුගේ ෆේස් බුක් ගිණුම සමඟ සම්බන්ධවීමට උත්සාහ කළත් ඔහු ඒ වන විටත් ඔහුගේ ෆේස් බුක් ගිණුම අවලංගු කර ඇති බව දැක ගැනීමට හැකිව තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.

