මිනිබිරිය මිතුරියට ‘පැටියා’ කිව්වැයි ආච්චිට කේන්ති ගිහින්


තංගල්ලට නුදුරු ගම්මානයක විසූ ඇය දිගුකලක් තිස්සේ වෙහෙසවී අගනුවර විදේශීය හෝටලයක සේවයට ගියේ මීට මාස ගණනකට පෙරය.
රැකියා ස්ථානයේම රැදීසිටි  ඇය පසුගිය වෙසක් නිවාඩුවට ගෙදර ආවත් කිසිදු ආගමික වැඩකට සම්බන්ධ නොවීම නිසා මිත්තනිය තුළ වූයේ අමනාපයකි. අලූතෙන් දක්වන සංකර වැඩද ඇය නොරිස්සුවාය.
 ඇය එදින උදෑසන තම ජංගම දුරකථනයෙන් ආයතනයේ යෙහෙළියක් ඇමතුවේ ‘‘පැටියෝ’’ කියමිනි. කීපිවරක්ම ‘‘පැටියා පැටියා’’ කීම නිසා කෝපවූ ආච්චී ‘‘පැටියා කියන්නේ බල්ලෙක්ද බළලෙක්ද?’’ ඇසුවේ උස් හඬිනි. ‘‘අයියෝ අත්තම්මා එයාට ඇහෙන්නත් ඇති’’ කී ඇය වහාම දුරකථනය විසන්ධි කළත් ඒ වන විට එය යෙහෙළියට ඇසී තිබිණි.
අක්කාගේ වැඩට කවදත් එරෙහි මල්ලී ‘‘කමෝන් ආච්චි’’ කියාගෙන ගෙට යාම නිසා ඇගේ රතු ඉර පැන්නාලූ.