එකම තාප්පයෙන් වෙන් වූ ඉඩමක අඹ ගසක අත්තක් තාප්පය පැන මෙහා ඉඩමට විත් එහි හටගත් අඹ ගෙඩි කීපයක පරිහරණ ගැටලූවක් නිසා නයි වෛරයෙන් පසුවූ මේ පවුල් දෙක මතුගම පැත්තේය.
මෙහා ඉඩමේ වූ දේශපාලන බලවතා ප‍්‍රාදේශීය සභාවට දැන්වූයේ තම මිදුලට දික්වූ අත්ත කපා දැමීමට එහා ඉඩමේ අයට නියෝග කරන ලෙසටය. මහ සටනක් කොට අඹ අත්ත කැපීමට තීරණය ආවත් දැඩි වෛරයෙන් පසුවූ දේශපාලන බලවතා තර්ජනාත්මකව කීවේ තම මිදුලට එක අඹ කොළයක් හෝ නොවැටෙන සේ අත්ත කැපිය යුතු බවය.
ගිවිසුම පරිදි අසීරුවෙන් අත්ත කැපුවත් එය ඇද වැටුණේ මිදුලට නොව වහලටය. උළු කැට ද බිඳිණි. වියරු වැටුණ දේශපාලන බලවතා පොලිසියට ගියත් ”ගිවිසුම නං කැඩිල නෑ. මිදුලට මිස වහලට ගහ කපන්න එපා කියල නෑ නේ දැයි” පොලිසිය ඇසූ විට ඔහුට යකා වැහුණලූ.

