යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි වෙළෙන්දකු මරණ පරීක්ෂකවරයකු බව නොදැන කෙටිකලක් ඇසුරු කළ අයකු මරණ පරීක්ෂකයකු බව දැන ගැනීමෙන් පසු ඔහු එළවා දමා වෙළෙඳසැල සෝදා පිරිසිදු කළ පුවතක් මහනුවරින් වාර්තාවේ.
ඔහු මහනුවර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. දිනක් මහනුවර නගරයේදී පුද්ගලයෙකු හමුවී කතා කිරීමෙන් පසුව හිතවත්කමක් ගොඩනැගුණි.
හඳුනාගත් පුද්ගලයාද සමාජශීලි පුද්ගලයකු වූ බැවින් ලද සෑම අවස්ථාවකම අලූත හඳුනාගත් පුද්ගලයාගේ වෙළෙඳ ආයතනයට ගොඩ වී කෙටි වේලාවක් සතුටු සාමීචියේ යෙදීමට පුරුද්දක් කරගෙන සිටියේය.
දිනක් වෙලඳසැල් හිමියා ඔබ කොහේද වැඩකරන්නේ කියා විමසා ඇත. එවිට මිත‍්‍රයා පවසා ඇත්තේ මම මරණ පරීක්ෂකවරයකු කියායි.
එවිට මායම්වූවකු ලෙස නැගිටි වෙළඳසල් හිමියා චී... චී... කිලි කිලි යැයි හඬ නගමින් මරණ පරීක්ෂකවරයා වෙළඳසලෙන් එළවා දමා තිබේ.
ඉන් අනතුරුව ඔහු කහවතුරෙන් වෙළඳසල සෝදා සාම්බ‍්‍රානි සුවඳදුම් අල්ලා පිරිසිදු කිරීමටද අමතක නොකළේය.

