මවගේ අවමඟුල් දැන්වීමට වෙනත් ඡායාරූපයක් දාලා


(තිහගොඩ - උපසේන ලියනගම)
අවංගල්‍ය උත්සවයක් සඳහා අවමගුල් දැන්වීම් මුද්‍රණය කොට බෙදාහැරීමේදී මියගිය අයගේ ඡුායාරූපය වෙනුවට වෙනත් ඡුායාරූපයක් මුද්‍රණයවීම නිසා සිදුවූ මහත් ආන්දෝලනයක් පසුගියදා වාර්තාවූයේ සබරගමු පළාතේ ගම්මානයකිනි.


මියගිය මේ මවගේ එම පුතා අගනුවර සේවයේ යෙදී සිටි අතර අම්මා මිය ගිය බව සැලවූ වහාම නිවෙසට ආ ඔහු හිතවත් ඥාති පුතකු අත අවමඟුල් දැන්වීම ලියා මුද්‍රණයකට යැවීය.


පසුව මුද්‍රණාලයෙන් ඔහුට දැනුම්දී තිබුණේ වහාම මවගේ ඡුායාරූපයක්ද එවන ලෙසටය. මවගේ ඡුායාරූප නොවූ හෙයින් ඔහු ඇගේ හැඳුනුම්පත යැවීමට ඥාතියකුට පැවසූ අතර ඔහු යවා තිබුණේ වෙනත් හැඳුනුම්පතකි.


මුද්‍රණයකොට එවූ අවමගුල් දැන්වීම් ගම පුරා අලවද්දී මේ ඡුායාරූපය දුටු පුතාට දෙවියන් සිහිවිය. යළිත් දැන්වීම් සියල්ල එකතු කළ ඔහු මවගේ නියම ඡුායාරූපය පසුව මුද්‍රණය කොට ඒ මත ඇලවූයේ මීට සම්බන්ධ සැමට හොඳ දේශනාවක් කරමින්ලූ.