මල්ලෙන් පැන්න පොල්ගෙඩි මඟීන්ගේ බෑග්වල


‘‘කාගේද මේක’’

පවනට බඳු වේගයෙන් අගනුවර බලා ගමන් ගන්නා බසයක අසුනක ඇන්දකට හේතුවූ කොන්දොස්තර බසයේ මගින් සියල්ලටම පෙනෙන පරිදි පොල් ගෙඩියක් ඉහළට එසවූයේය.

හොඳින් ලෙලි ගැසු එහි මුඩුවද නොවීය. ගෙඩිය පුරාම ඇති කෙඳි පවා ශුද්ධ කර තිබුණේ පූජා වට්ටියකට තැබීමට පරිද්දෙනි.

”ආ මල්ලි මේක ඔයා ළඟම තියා ගන්න. එසේ කියමින් කොන්දොස්තර” මොහොතකට පෙර තම ආසනය යටින් රෝල් වෙමින් තිබූ පොල් ගෙඩිය තමාට දුන් මගියාට භාර දුන්නේය.

ඔහු එය නැවත ආසනය යටින් තැබුවේය.

විටෙක රෝල් වී ගොස් ඉදිරි අසුනේ සිටි තම බිරියගේ පාදයේත් විටෙක තමාගේ පාදයේත් ගැටෙමින් එහෙට මෙහෙට රෝල් වෙද්දී මේ රුපියල් හැටක් නොවේ දැයි දෙදෙනාටම සිතී තිබුණි.

එසේ බස්රථය අගනුවර දක්වා පැමිණියේය.

පොල්ගෙඩිය තවමත් රෝල් වෙමින් තිබේ. එක්වරම බසයේ පිටු පසින් ‘‘දඩාස්’’ යන හඬක් ඇසුණේය.එය තවත් පොල් ගෙඩියකි. එය වැටී තිබුණේ මගී භාණ්ඩ අසුරන ඉහළ රාක්කයේ සිටය. මොහොතකින් එක් අසුනක සුවසේ නිදා සිටි මගියෙක් නැගිට්ටේය.

ආසන යටින් එබී එබී ඔහු කුමක්ද සොයන්නට විය.

එකක් තියෙනවා, අනේ ඔය  ඕකදෙන්න.

නින්ද ගොස් සිටියදී පාදයෙන් ගැලවී ගිය පාවහන් යුගලම ඔහු එසේ එකතු කර ගත්තේය.

ඔහු නැවත මගී ආසන යටට එබෙන්නට විය. මොකද ආයෙත් එබෙන්නේ. දැන් දෙකම හම්බ වුණා නේද?

ඔහේ සෙරෙප්පු කීයක් දානවද කුකුල් දෙකට. මැදිවියේ අයකු එසේ අසද්දී ඔහු මෙසේ කීවේය.

මම මේ බැලූවේ මල්ලේ පොල් ටික කට ගැලවිලා එහෙමෙහේ ගිහින්. එසේ කියමින් එක් පොලයක් අහුලා ගත්තේය. නැවතත් ආසන යටට එබෙන්නට විය. ඒත් සමඟ බසයේ පාපුවරුව අසලින් තවත් දඩාස් යන හඬක් ඇසුණේය.

එහිද පොල් ගෙඩියකි.
එය වැටී තිබුණේ හොඳින් හැද පැළඳගත් කාන්තාවකගේ අත් බෑගයෙනි.

බසයේ සී සී කඩ ගිය පොල් අතරින් ඇය එක් ගෙඩියක් අත් බෑගයට ඔබාගෙන තිබිණි. හදිසියේ බැස යද්දී මල්ලෙන් පොල් ගෙඩිය එළියට වැටී තිබිණි.
ඔය නාන්න යන කොට එහෙම අනුන්ගේ වතුවලින් පොල් අහුලන කට්ටියට බසයේ කියලා ගානක් නෑ. ඇරත් පොඩි ගාණක් යැ අද රුපියල් හැටක්නේ. පොල් ගෙඩියක්.

කොන්දොස්තර එසේ කියද්දී මල්ලෙන් පොල් හැළුණු කාන්තාව දුම්රිය පොළ දෙසට වේගයෙන් ඇවිද ගියාය.