(තිහගොඩ උපසේන ලියනගම)
සබරගමුව පළාතේ ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලකයෙකි. වඩාත් කි‍්‍රයාකාරී හා සුහදශීලි පුද්ගලයකු වූ නිසාම ප‍්‍රදේශයේ බොහෝදෙනා තම දේශපාලන අවශ්‍යතා ඉටුකරගත්තේ ඔහු ලවාය.
පසුගියදා ගමේ ආධාරකරුවකු තම පුතා සමග මන්තී‍්‍රවරයා හමුවට ගියේ පුතාගේ අවශ්‍යතාවක් ඉටුකර ගැනීමටයි”. ‘‘ආ ලොකු අයියා මොකෝ මේ?” කීවේ සුහද සිනාවක් පාමිනි. තම පුතාට රැුකියාවකට යාම සඳහා නිර්දේශයක් ලබාගැනීමට පැමිණි බව පියා කීවෙන් පුතා ඔහු සමීපයට ගත් මන්තී‍්‍රවරයා ”ආ මල්ලී ලියුම ඕන විදියකට ලියා ගන්න. මම අස්සන් කරලා දෙන්නම්’’ කීවේය.
යළි පියා දෙස බැලූ ඔහු ”හරිනේ ලොකු අයියා” කීවේය.
මන්තී‍්‍රවරයාගේ කතාවෙන් අන්දමන්ද වූ පියා ”මේක අපූරු නෑකම. මට අයියා කියල පුතාට මල්ලි කියනවා” මන්තී‍්‍රවරයාට නෑසෙන්නට සෙසු අයට කීවෙන් ඔවුහු සිනාසෙන්නට වූහ.

