ගහේ බඩු කෝප්ප කීපයක් එක හුස්මට බොන පුරුද්දට මංගල සාදයකදී සැර බීම වීදුරු කීපයක් බඩකට පුරා බී පදම උග‍්‍රවී පිරිත් නූලක් බැඳගැනීමට සෙවූ පුද්ගලයකු පිළිබඳව ඉකුත්දා සබරගමු පළාතේ උත්සව ශාලාවකින් අසන්නට ලැබිණි.
හේ මැදිවිය ද ඉක්මවා සිටි අයෙකි. ලැබුණු ඇරයුමකට අනුව නගරයේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකට සහභාගි විය.
දිවා භෝජනයට පෙර මධුවිත පානයට ආරාධනා ලැබිණි. සිය ගමෙන් පැමිණි තරුණ පිරිස සමඟ ඔහු ද ඒ සඳහා එක්විය. තරුණ පිරිස ටිකෙන් ටික මධුවිත තොලගාද්දී මොහුද ගමේදී ගහේ බඩු කෝප්ප දෙක තුනක් බොන පුරුද්දට සැර බීම වීදුරු දෙක තුනක්ම එක හුස්මට ඇද දැම්මේය. තරුණ පිරිස ද ඊට අනුබල දුන්හ.
අනතුරුව දිවා භෝජනය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණ හොඳටම සූර්වී උඩින් උඩින් පාවෙන්නාක් මෙන් ගොස් පෝරුව චාරිත‍්‍රයේ අෂ්ටක කී පුද්ගලයා වෙතට හැරී ඔහු වෙත දකුණත දිගහැර ”මචං, බැඳපන් මගෙත් පිරිත් නූලක්” යැයි කීවේය.
ඔහු අන්ද මන්දවී මොන පිරිත් නූලක්දැයි ඇසීය. ”ඇයි...., ඇයි....., තමුසෙ අර මනමාල ජෝඩුවගෙ ඇඟිලි දෙක තියල ගැට ගැහුවෙ, ආන්න ඒවයින්” ”ඒවයින් තමුසෙගෙ ගැටගහන්න තිබුණ මීට අවුරුදු 40කට විතර ඉස්සර හමුවුණානම්”යැයි කිවූ ජ්‍යෙතිෂවේදියා ඔහු මඟහැර ගියේය. බඹර පදං පුද්ගලයා ද කීපදෙනෙකුගේ කර මතින් උත්සව ශාලාවෙන් පිටමං කෙරුණිලූ.

