බස්රථයක යද්දී බුලත් විට කෑමට හුරුපුරුදු වූ මගියෝ මෙන්ම රියැදුරෝ තවමත් අප රටේ සිටිති.
මහනුවර සිට වත්තේගම හරහා මාතලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පසුගිය දිනක පෙරවරු 10.30ට පමණ මහනුවරින් ගමානාරම්භය කෙරිණි. බසයේ මගීහු අසුන් ගානට සිටියහ.
බසය කටුගස්තොට පසුකර වත්තේගම මාර්ගයේ නැවතුම් ස්ථානයේ නතර කෙරිණි. රියදුරා තම විවේකය තුළ බුලත් විටකින් සප්පායම් වන අයුරු දක්නට ලැබුණි. විනාඩි පහක් පමණ එම ස්ථානයේ රැුඳී සිටි ඔහු බුලත්විට සපමින් බස්රථය ධාවනය කළේය.
මඩවල නගරය ආසන්නයේදී රියදුරු බුලත් කෙළ පහරක් බසයෙන් එළියට දැමුවේය.
එසේ කළ ඔහු බසය ධාවනය කරයි. බුලත් කෙළ බසයේ රියදුරු පිටුපස අයිනේ සිටි මගීන් දෙදෙනකුගේ ඇඳුම්වල තැවරිණි. මුහුණ මත බුලත් කෙළ තැවරුණු ඔවුහු තරමක ඉවසීමෙන් බුලත්කෙළ පිස දැමූහ.
බසය වත්තේගමදී නතර කෙරිණි. මගියා කොන්දොස්තරටත්, රියැදුරුටත් බුලත් කෙළ විසිවී තමන්ගේ ඇඳුමේ තැවරී ඇති සැටි පෙන්නුවේය. බසයේ රියැදුරු අසුන අසල සිට පිටුපසට ජනේල වීදුරු පේලියේ තැවරී ඇති බුලත් කෙළ පෙන්නුවේය. (බිමසිට) කාරුණිකව මගීන් ඔවුන්ට පළකළ සත්‍ය අදහස් වසන් කරමින් රියැදුරා දුන් උත්තරය හාස්‍ය ජනකය.
”ඔය පාරේ ගිය වෙනත් වාහනයක කවුරු හෝ බුලත් කෙළ ගහන්න ඇති” මගියාට කිසිවක් කර කියා ගත නොහැකිව, අපුරු ඩ‍්‍රැයිවර්, නරක වැඩක් කරලත් නැති විදියට කතා කරන හැටියි කීවේය.

