බෝතලයක් ඉස්සරහට ඇවිත් වන්දනා ගමනත් අමතක වෙලා


දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ස්වේච්ඡා සංවිධානයක පිරිසක් පසුගියදා විනෝද චාරිකාවක නිරත වෙමින් තෙවන දිනයේ රාතී‍්‍ර නතර වූයේ උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගරයක් අසලවූ පන්සලකය.

සෙසු අය රාතී‍්‍ර  කෑම පිළියෙළ කරද්දී කණ්ඩායමේ තිදෙනෙක් අසල නිවෙසක තිබූ කුඩා ප‍්‍රමාණයේ ඡන්ද ප‍්‍රචාරක රැස්වීමකට ගියේ කාලය ගත කිරීමටය.
මේ තිදෙනා ඉතා උනන්දුවෙන් රැස්වීම  නරඹනු දුටු සංවිධායකවරයා ඔවුන් ගේ පිටුපසට කැඳවූයේ සංග‍්‍රහයක් ඇති බව පවසමිනි. එහි මත්පැන්ද නොඅඩුව තිබිණ. මතට ලොල්වූ මේ තිදෙනාට උන්හිටි තැන් අමතක විය.

 මැදියම් රෑ වනතුරුත් කණ්ඩායමේ තිදෙනකු රෑ කෑමට නොපැමිණි නිසා චාරිකා  සංවිධායකයන් දෙදෙනකු ඔවුන් ගැන සොයමින් මග දිගේ එනවිට මේ තිදෙනා තම කමිසද ගලවා කරේ දමාගෙන වැනි වැනී එන ආකාරය දුටු සංවිධායකවරුන්ට දෙවියන් සිහිවුනාලූ.