බොරු තුවාලයක් පෙන්නා වෛද්‍ය සහතිකයක් ගෙනා සිසුවාට දඬුවම්


ග‍්‍රාමීය මට්ටමේ ජනප‍්‍රිය පාසලකි. පසුගියදා එහි ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කොට දින දෙකක් දේශන සාකච්ඡුා සහ ශ‍්‍රමදානයක් ද පැවැත්වූ අතර සිසුන්ට පැමිණීම අනිවාර්ය කොට තිබිණි.

එදින නොපැමිණි සිසුන් පිළිබඳව පසුදා පරික්ෂා කිරීමේදී එක් සිසුවකු නොපැමිණීමට හේතුව ලෙස රඹුටන් ගසකින් ඇද වැටී වම් කකුල තුවාල වූ බව සඳහන් කෙරෙන ආයුර්වේද සහතිකයක් විදුහල්පතිට දී වෙලූම් සහිත කකුල ද පෙන්වීය.

ඊට එකඟතාව දැක්වූ නිසා සිසුවා නොණ්ඩි ගසමින් ආපසු යාමට තැත් කරත්ම වෛද්‍ය සහතිකයේ වූ කිසිවක් දුටු විදුහල්පති, සිසුවා යළි කැඳවීය. සහතිකයේ වම් කකුල ලෙස ලියා තිබුණද ඔහු වෙලාගෙන තිබුණේ දකුණු කකුලය.

මේ ගැන සැක සිතූ විදුහල්පතිවරයා ශිෂ්‍ය නායකයන් ලවා වෙලූම් පටි ගලවා පරීක්ෂා කළ විට මෙය අමූලික බොරුවක් බව පෙනී ගිය හෙයින් දැන් සිසුවාට එරෙහිව මෙන්ම වෛද්‍යවරයාට ද එරෙහිව පරීක්ෂණයක් කිරීමට සූදානම් වෙනවාලූ.