බිරිය ටෙලි නාට්‍ය බලන තුරු සැමියා ඇන්ටනාව අල්ලන් ඉඳලා


(පොල්ගස් ඕවිට - එස්. වික‍්‍රමආරච්චි)

මාතර දිසාවේ දුෂ්කර කඳුකර ගම්මානයකි. එහි කඳු බෑවුම්වල පිහිටි ඇතැම් ස්ථානවලට තවමත් රූපවාහිනී දසුන් පැහැදිලිව දර්ශනය නොවේ. සමහර ස්ථානවලට පෙනෙන්නේ එකම චැනලයක් පමණි.

මෙම ප‍්‍රදේශයේ පිහිටි එක්තරා නිවෙසකි. එහි නිවැසියන්ද නරඹන්නේ එකම චැනලයකි. එහි තරුණ බිරිය ඉකුත් දිනෙක නගරයේ සිටින තම මිතුරියක සමඟ දුරකතනය ඔස්සේ අල්ලාපසල්ලාපයේ යෙදී සිටියදී එම මිතුරිය පවසා ඇත්තේ වෙනත් පෞද්ගලික නාලිකාවක යන හොඳ ටෙලි නාට්‍යයක් තමා දිනපතාම නරඹන බවත් හැකිනම් එය නරඹන ලෙසත්ය. එහි කතා තේමාව ගැනත් රඟපාන නළු නිළියන් ගැනත් මිතුරිය රසකර කී කරුණු ඇසීමෙන් ඇයට ද එම ටෙලි නාට්‍යය බැලීමේ ආසාවක් ඇතිවිය. මේ පිළිබඳව තම සැමියාට දැන් වූ ඇය ඔහු ලවා එදින සවස්වරුව පුරාම එම චැනලය අල්ලා ගැනීමට මහන්සි විය.


දිගු ලීයක ඇන්ටෙනාව ගැටගසා මුළු වත්ත පුරාම එහාට මෙහාට එය රැගෙන යමින් නාලිකාව සොයා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. කෙසේ වෙතත් ? බෝවී එනවිට යාන්තම් එම නාලිකාව දර්ශනය වන්නට විය. බිරියගේ ඉහේ මලක් පිපුණාක් මෙන් විය. එහෙත් දර්ශන එතරම් පැහැදිලි නැති නිසා ඇය තවත් කන්කෙඳිරි ගාන්නට වූවාය.


‘‘අනේ ඔහේ වහල උඩට නැඟල බලන්නකෝ’’ ඇය ඉණිමඟ ගෙනත් වහලයට තබා දුන්නාය. සැමියා ඇන්ටෙනාව ද රැගෙන වහලය මතට නැංගේය. බිරිය ගෙතුළට ගොස් රූපවාහිනී යන්ත‍්‍රය කි‍්‍රයාකරවන්නට වූවාය. ‘‘හරි හරි එ්යි, ඔන්න ඔතන පේනෝ, ඔහොම අල්ලගෙන ඉන්න’’ ඇය කෑමොර දුන්නාය.
ඒ අතරම ඇය ගොස් ඉණිමඟ රැගෙන බිමින් තැබුවාය. වහලයෙන් බසින්නට ක‍්‍රමයක් නොවූයෙන් බිරිය ටෙලිය බලා අවසන් වනතුරු සැමියාට ඇන්ටෙනාවද අල්ලාගෙන වහලය මතට වී ඉන්නට සිදු වුණාලූ.