බහින්බස් වී රජයේ නිලධාරිනියක් නිලධාරිනියකට සෙරෙප්පුවෙන් ගහලා


වාදයකට නම් දිනා ඇති බස්නාහිර නගරයක ප‍්‍රධාන රාජ්‍ය ආයතනයක නිලධාරිනියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකදී මහජනතාව බලා සිටියදීම නිලධාරිනියක් අනෙක් නිලධාරිනියට සෙරප්පු පහරක් ගැසූ බව වාර්තා වේ.

සෙසු සේවකයන් මැදි වී දෙදෙනා වෙන් නොකළේ නම් එක් නිලධාරිනියක් තුවාල ලබා රෝහල්ගත කරන තත්ත්වයට ගැටුම බරපතළ වීමට ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී 50කට ආසන්න එම නගරයේ ජනතාවක් පරිශ‍්‍රයේ රැුඳී සිටි බව වාර්තා වේ. ඒ පැත්තේ ප‍්‍රධාන පුරවැසියාද ඒ සිද්ධිය දැක්කලූ.
දෙන්නා අතර ගැටුම ගාලූ පාර දක්වා ඇසුණු බවද ගැහැණුන් අතර ගැටුම්වලට හේතුව වන සාම්ප‍්‍රදායික වස්තුවක් මෙම ගැටුමටද හේතු වී ඇති බව එම ආයතනයේ සේවකයෝ පවසති.

මින් එක් නිලධාරිනියක් අත යට ගනුදෙනුවලට ප‍්‍රසිද්ධියක් උසුලන බවත් සේවා ගැනීමට පැමිණෙන ප‍්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්කරන බවත් තතු දන්නෝ පවසති.