(තිහගොඩ උපසේන ලියනගම)
කොරෝනා ව්‍යසනය බස්වලට පැනවූ නව නීතියෙන් බස් ප්‍රේමයකට කණ කොකා ඇඬීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් හරහා දිවෙන බසයකිනි.
ඔහු තරුණ හැඩකාර කොන්දොස්තරවරයෙකි. පසුගිය කාලවල ප්‍රවාහන ගැටලු පැවතියත් කාර්යාල සේවිකාවක වූ අැයට ගමන් පහසුකම් සැලසුණේ ඔහුගෙනි. මුලදී පැවැති හිතවත්කම පසුව පෙම් සබඳතාවයකට පෙරළුණි.
මේ නිසාම පසුකලෙක මේ මාර්ගයේ කෙතරම් බස් ගියත් ඇය මේ බසයම එනතුරු මග බලාගෙන සිටීමට තරම් ප්‍රේමය මෝරා තිබුණි.
ඇය මේ බසය බලාගෙන සිටියත් බසය ඇය පසුකරගෙන වේගයෙන් ගියේ මේ කොන්දොස්තර සිටියදීමය.
බසය නොනැවැත්වීම පිළිබඳව කොන්දොස්තර ගමනාන්තයේ දී රියැදුරුගෙන් විමසූ විට ‘‘ඇයි ඔයාම නේ කිව්වෙ ආසන ගානට ඉන්නවා කියල. වැඩිපුර එක්කෙනෙක් හරි පටවගෙන ගිහින් මට උසාවි ගානෙ රස්තියාදු වෙන්න බෑ’’ ඔහු කීවෙන් කොන්දොස්තර පරාජය බාර ගත්තත්, ඒ සමගම ඔහුට ඇගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි.
එයින් කියැවුණේ එදින සේවයට යාමට බැරිවූ බවත් මේ සබඳතාවට නැවතීමේ තිත තබන බවත්ය.