හොරණ දක්වා ධාවනය වන සේවක බසයට නාරාහේන්පිට කාර්යාලයේදී සේවක සේවිකාවෝ ගොඩවූහ. රියදුරු මහතා බසය කාර්යාලයෙන් ඉවතට ගෙන මාර්ගයේ රැඳී සිටි මඟීන්ට ගොඩවීමට ඉඩ සැලසීය. මඟීන්ගෙන් පිරුණු බසය ඉදිරියට ඇදෙන්නට විය. පැය භාගයක් ගතවිය.
බසයේ සිටි සමහරුන් නිදිකිරා වැටෙන්නට වූහ. මේ අතර කාන්තාවක්, ”මගේ ෆෝන් එක නැහැ” කියමින් කෑ ගැසුවාය. ඇයගේ කෑ ගැසීමට අවදිවූ මගිහු අන්දමන්ද වූහ. බසය මාර්ගයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියකු අසල නැවැත්විණි. කොන්දොස්තර මහතා නැතිවූ දුරකතනය පිළිබඳව ඔහුට දැන්වීය.”එහෙමනම් කට්ටියගේ බෑග් චෙක් කරන්න වෙනවා” පොලිස් නිලධාරියා පැවසීය. කිසිවෙකු එයට එකඟ නොවුයේ පරීක්‍ෂා කිරීමේදී පැයකට අධික කාලයක් මිඩංගු වන හෙයිනි. එවිට පොලිස් නිලධාරියා බසය පොලිස් ස්ථානයට රැුගෙන යන ලෙසට උපදෙස් දුන් අතර ඒ අනුව බසය ආපසු හරවා ගෙන පිළියන්දල පොලිස් ස්ථානය වෙත රැුගෙන එන විට, පෙරකී කාන්තාවගේ හඩ නැවතත් ඇසිණි.”හරි හරි ෆෝන් එක හම්බු වුනා. ඇය පැවසුවාය. ජංගම දුරකතනයේ ඇයගේ අත් බෑගයේ සාක්කුවක තිබී හමුවිය. බසයේ ගමන් කළ අයගේ ඇණුම් බැණුම් මැද කාන්තාව මුවින් නොබැන සිටියාය.

